(මනෝප‍්‍රිය ගුණසේකර)
භාණ්ඩ අපනයනය කරගත නොහැකිව ගැටලු වලට මුහුණ පා සිටින ව්‍යාපාරිකයින්ට සහන ලබාදීමට මෙන්ම අපනයනය කිරීම සදහා නිමාකර ඇති භාණ්ඩ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ අපනයනය කරවීම සදහා සහන සැළසීමට කටයුතු යොදා ඇතැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
‘කොවිඞ් 19’ හෙවත් කෙරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සදහා රජය ගෙන ඇති පියවර හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
අපනයනය කිරීම සදහා නිමාකර ඇති භාණ්ඩ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ නිසි වේලාවට අපනයනය කිරීමට නොහැකි වුවහොත් නැවත ඇණවුම් නොලැබීමේ ප‍්‍රවනතාවයක් ඇතැයි පෙන්වා දෙමින් අපනයන ව්‍යාපාරිකයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නැවත ඇණවුම් නොලැබීමේ තත්වයක් උද්ගත වුවහොත් රටට ලැබිය යුතු ආදායම අහිමි විය හැකි බවට අපනයන ව්‍යාපාරිකයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබදව සොයා බලා අදාළ අංශ සමඟ සාකච්ඡුා කොට කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්න මහතාට අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට උපදෙස් ලබාදී ඇත.
ඇදිරි නීතීය හේතූවෙන් නෞකා ඒජන්තවරුන් සිය සේවා කටයුතු වලින් ඉවත්වී ඇති බවත් ඒ හේතුවෙන් සිය නිෂ්පාදනයන් අඩංගු බහාලූම් අපනයනය කිරීම පිළිබදව ගැටලු මතුවී ඇති බවත් ව්‍යාපාරිකයින් ඉදිරිපත් කරන ලද කරුණු කෙරෙහි අවධානය යොමු කොට මෙම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධ ගැටලු ඇත්නම් අපනයන අධ්‍යක්‍ෂ දර්ශන ද සිල්වා 0714458476 නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රේගු (අපනයන) සෙනෙවිරත්න 0777300372 නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රේගු සලීම් 0777358168 අධ්‍යක්‍ෂ බහාලූම් පරීක්‍ෂණ පෙරිම්පනායගම් 0777274879 සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සුනිල් ජයරත්න 0777484664 යන මහත්වරුන්ට දැනුම් දෙන ලෙසද ව්‍යාපාරිකයින්ට දැනුම් දෙයි.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
භාණ්ඩ අපනයනයට සහන සලසයි