IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බුස්ස නාවික හමුදා කඳවුරේ මහල් 4 ක් නිරෝධායනයට

(ඉන්දිකා රාමනායක)

නව කෙරෝනා හෙවත් ‘කොවිඩ් - 19’ වයිරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට බුස්ස නාවික හමුදා කඳවුරේ  ද මහල් හතරකින් යුත්  නව නිරෝධාන මධ්‍යස්ථානයක් ස්ථාපිත  කර ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇති බවත් මේ වෙනුවෙන්  අවශ්‍ය කටයුතු  කිරීම සදහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය  උපදෙස් හා පුහුණුවීම් කරාපිටිය ශික්ෂිණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් ලබාදී ඇති බවද නාවික හමුදාව කියයි.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බූස්ස නාවික හමුදා කඳවුරේ  මෙම ගොඩනැගිල්ල නිරෝධාන කටයුතු සඳහා පෙරේදා (16) සිට මෙසේ සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියළු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමට ද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවද නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

බුස්ස නාවික හමුදා කඳවුරේ මහල් 4 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site