IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බෙල්ජියමට ඇතුළුවීම-පිටවීම තහනම් කරයි

බ්‍රසල්ස් - (ඒ.එෆ්.පී.)

බෙල්ජියමේ  පුරවැසියන්ට නිවාසවලට වී රැඳී සිටින්නැයිද, පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා සීමා කරන්නැයිද පවසමින් බෙල්ජියමට ඇතුළුවීම සහ පිටවීම වළක්වා, හුදකලා රටක් බවට පත්කිරීමට තීරණය කරමින් බෙල්ජියමේ අගමැතිවි සොෆී විලියම්ස් මහත්මිය නිවේදනය කළාය. මෙම තීරණය අද (18 වැනිදා) දහවල් සිට ක්‍රියාත්මක වීමට නියමිතය‍.

ඒ අනුව,  අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල්  වසා දමනු ඇති අතර, මිනිසුන්ට නිවාසවල සිට සේවය කරන ලෙස දැනුම් දෙනු ඇත. සුපිරි වෙළඳසැල් පවා පාරිභෝගිකයන් සීමා කිරීමට පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය ඊයේ දිනයේදී ප්‍රංශය විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලියට බෙහෙවින් සමාන වන නමුත් කිසියම් ආකාරයක ළිහිල් බවක් තිබේ. තම තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා සුපිරි වෙළෙඳ සැල් වලට සහ බැංකු වෙතටත්, තැපැල් කාර්යාල සහ පොත් සාප්පු වෙත යාමටත් නිදහස බෙල්ජියම් වැසියන්ට තිබේ.

එසේ වුවද කාර්යාලවල සේවය කරන සීමිත පිරිසට  සමීප ගනුදෙනු නොතබාගන්නා ලෙසද දැනුම් දී තිබේ.

අද දහවල් වන විට බෙල්ජියමේ පුද්ගලයන් 1486 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 10දෙනෙකු මිය ගොසිනි.



අදහස් (0)

බෙල්ජියමට ඇතුළුවීම-පිටවීම තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site