IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බදුල්ලේ ප්‍රථම කොරෝනා ආසාදිත රෝගියා අයි.ඩී.එච් රෝහලට

(එෆ්.අස්ලම්)

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයෙකු අද (19) රාත්‍රීයේ කොලඹ අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ආරංචිමාර්ග පවසයි.

මෙම තරුණයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වශයෙන් හඳුනාගත් මාර්ගෝපදේශකයා සමඟ මෙම පුද්ගලයා සමීප සම්බන්ධතා  පවත්වා ඇති බව අනාවරණය වී තිබේ. 

මාර්ග උපදේශකවරයෙකු වන ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් සොයා යාමේදී මෙම තරුණයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම තරුණයා ඔහුගේ නිවසේම ස්වයං නීරෝධායනයට ලක්කර තිබූ බවත්  ඒ අතරවාරයේ දී ඔහුට උණ රෝගය වැළදී ඊයේ (18) වැනිදා බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවත් වෛද්‍ය පරීක්ෂණවලදී මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් අද (19) තහවුරු වී ඇති බවත් බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුව මෙම රෝගියා අද (19) රාත්‍රීයේ කොළඹ ජාතික උණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇත

මෙම රෝගියා බදුල්ලේ ප්‍රථම කොවිඩ් 19 ආසාදිත රෝගියා බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

 

 



අදහස් (0)

බදුල්ලේ ප්‍රථම කොරෝනා ආසාදිත රෝගියා අයි.ඩී.එච් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site