(සිරිනිහාල් ගමගේ)
බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් 12 කට හා සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම ළමා නිවාසයේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි සේවකයකුට ඉකුත් දිනක කොරෝනා ආසාදනය වී ඇති අතර එම සේවකයා සමඟ ළඟින් ඇසුරු කළ සේවකයන් දෙදෙනකු හා ළමයින් දහනව දෙනෙකු ඉකුත් 12 දින පරීක්ෂණ ට භාජනය කර ඇත.
මෙම පරීක්ෂණ වාර්තා ඊයේ (15) දින ලැබී ඇති අතර එම අය අතුරෙන් පරිවාස ළමයින් දොළොස් දෙනකුට හා සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බැව් තහවුරු කරගෙන ඇත.
එම කොරෝනා ආසාදනය වූ ළමයින් හා සේවකයන් දෙදෙනා ආරච්චිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇත.
මෙම පරිවාස බාරයේ ඇති ළමා නිවාසයේ පරිවාස ළමයින් හැට පස් දෙනකු හා සේවකයන් පහළොස් දෙනෙකු සිටින අතර පිසිආර් පරීක්ෂණ සඳහා යොමුනොකර සිටි අනෙකුත් ළමයි හා සේවකයන් පිසිආර් පරීක්ෂණ සදහා යොමුකිරිම නියමිත බැව් සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බද්දේගම ළමා නිවාසයක 15කට කොරෝනා
Sri Lanka Wednesday, 16 June 2021 01:12 PM
කොරෝනා වවන් කෑවා ඇති දැන්... ලියන්න දෙයක් තියෙනවා නම් පොතක් ලියන්න. නැතිනම් හිඟාකන්න.