නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමඟ චීනයේ බීජිං අගනුවර පාසල් වසා දැමීමට නගර බලධාරීහු අද (16) පියවර ගත්හ.
චීනයේ බීජිං අගනුවරින් නව වයිරස ආසාදිත පොකුරු හමුවීමත් සමඟ රට තුළ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ද හටගෙන තිබෙන අතර මේ තත්ත්වය හේතුවෙන් බීජිං අගනුවර පාසල් වසා දමන්නැයි එම නුවර අධ්‍යාපන කොමිසම නියෝග කළේය.
බීජිං අගනුවර මිලියන 21කට ආසන්න පිරිසක් ජීවත් වෙති.
‘වීචැට්’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පාසල් වසා දමන්නැයි නියෝග කළ බීජිං අධ්‍යාපන කොමිසම බදාදා සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි ද දැනුම් දුන්නේය. විශ්වවිද්‍යාලවලට සිසුන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතා දමන්නැයි එම කොමිසම උපදෙස් දී ඇත.
අල්ජසීරා
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බීජිං නුවර පාසල් වසයි
Rakitha Wednesday, 17 June 2020 01:13 AM
ඡන්දයේ වුවමනාවට කොරෝනා තිඹිරිගෙය වුණු චීනෙත් ගියා යැයි කියා කිසිම ප්‍රායෝගිකත්වයක් නැතුව ලංකාවේ සීමා ලිහිල්කල දේශපාළුවන් සහ ඔවුන්ගේ රූකඩ දැන් මොනව කියනු ඇත්දැයි අපි බලා සිටිමු.
lalithm Wednesday, 17 June 2020 09:30 AM
ඔබ කියන්නේ 69 ලක්ෂයක් රූකඩ කියලද?