බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජින වාසය කරන බකිංහැම් මාලිගයේ සහායකයකුට කොවිඩ් - 19 වයිරසය ශරීරගත වී ඇතැයි තහවරු වීමත් සමගම එම පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ රාජකීය ගෘහසේවකයන්ට ස්වයං හුදකලා වීමට නියෝග කර තිබේ.
මහ රැජින, පාස්කු උත්සව සඳහා සෑම වර්ෂයකම බකිංහැම් මාළිගයෙන් නික්ම වින්ඩ්ස්ර් මාළිගාව යන අතර මේ හේතුවෙන් මෙවර නියමිත දිනට පෙර එම මාළිගාවට යාමට තීරණය කළාය.
93 හැවිරිදි වියේ පසුවන මහ රැජින වින්ඩ්සර් කාසල් වෙත පදිංචියට යාමට පෙර මෙම සේවකයාට කොවිඩ් - 19 වෛරසය ශරීගත වී ඇතැයි හඳුනාගෙන ඇත.
මාළිගාවේ සියලු දෙනා අතර අත් ස්පර්ශවීම වළක්වා ඇති අතර මෙම සේවකයා කිසිදු අවස්ථාවක මහ රැජින මුණ ගැසී නැතැයි ද පැවසේ.
එළිසබෙත් රැජින තම සැමියා 98 හැවිරිදි පිලිප් කුමරු සමග වින්ඩ්සර් මාළිගාවේ නැවතී සිටීමට අපේක්ෂා කරන බව ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
රාජකීය වාර්තා පවසන්නේ රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර අන් පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් ද වැළකී සිටින බවයි.
''රැජින වින්ඩ්සර් මාළිගාවට පිටත්ව යාමට පෙර සේවකයාට කොවිඩ් - 19 ඇති බව තහවුරු වුණා. නමුත් මාළිගාවේ කාර්ය මණ්ඩලයේ සාමජිකයන් 500ක් සිටිනවා. මේ නිසා මාළිගාවේ එදිනෙදා කටයුතු සඳහා කිසිදු බාධාවක් ඇතිවන්නේ නැහැ. අපි එක් එක් කාර්ය මණ්ඩල සාමාජිකයන් ගැන අදස් දක්වන්නේ නැහැ. " බකිංහැම් මාළිගයේ ප්‍රකාශයකු පවසා තිබිණි.
''සුදුසු මගපෙන්වීම් හා නියම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාදාමයන්ට අනුකූලව ඊට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා." යැයි ඔහු පවසයි.
බ්‍රහස්පතින්දා පිලිප් කුමරු සැන්ඩ්‍රින්හැම් වතුයායේ සිට හෙලිකොප්ටර් යානයකින් මෙම මාළිගාවට පැමිණියේය. එලිසබෙත් රැජින දැන් එඩින්බරෝ ආදිපාදවරයා සමග වින්ඩ්සර් මාළිගාවේව සිටින්නීය.
බර්ක්ෂයර් හි පිහිටි මෙම වින්ඩ්සර් මාළිගාවේ ගත කරන කාලයේ සමාජයෙන් දුරස්ථව සිටීමට කටයුතු කරන බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
රැජින සහ පිල්ප් කුමරු වයෝවෘද්ධව සිටින බැවින් ඔවුන් කොවිඩ් - 19 රෝගයට ගොදුරු වුවහොත් සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි බව රාජකීය වෛද්‍යවරු අනතුරු අඟවති.
(ඬේලිමිරර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බකිංහැම් මාලිගයේ සහායකයකුට කොරෝනා