IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

 
පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කර 17 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට අද (17) පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

ඒ අතර පිළියන්දල දිසා රෝහලේ 11 දෙනෙකු ද, රන් භාණ්ඩ අලෙවිසැළක 6 දෙනකු ද වන බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කීය .

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ආ රත්නපුර ප්‍රදේශයේ පදිංචි   කොරෝනා රෝගී  යුද හමුදා නිලධාරියාගේ ,මවට සහ මිත්තණියටද කොරෝනා රෝගය වැළඳුණු බවට 16 දා වාර්තා වීමත් සමග එම කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ  වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට ලක්කර තවත් 11 දෙනකු මෙසේ පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගත් බවද කීය .

එසේම එම කාන්තාවන් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි රන්භාණ්ඩ අලෙවිසැළකට ද ගොස් ඇති අතර එම අලෙවිසැළ නිරෝධනයට ලක් කර එහි සේවකයින්  6 දෙනෙකු ද මෙසේ පි.සි.ආර් පරීක්ෂණයට ලක් කරන  බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

එසේම රෝහලට සහ රන් භාණ්ඩ අලෙවිසැළට සංචාරණය කළ අයවලුන් සොයා තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site