IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පොළොන්නරුවේ කර්මාන්ත ශාලාවක 121කට කොරෝනා

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව, ලක්‍ෂඋයන කර්මාන්තපුරයේ පිහිටි සහල් නිවුඩු භාවිතයෙන් මිනිස් පරිභෝජනයට ගන්නා තෙල් නිපදවන කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයන් 121 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මේ කොරෝනා ආසාදිතයින් අලූතින් හමුවී ඇත්තේ ඊයේ (20) පස්වරුවේ සිදුකල පී.සී.ආර්.පරීක්‍ෂණවලදී බව සෞඛ්‍ය අංශ පවසයි..

මෙම කෙරෝනා ආසාදිතයින් අතර ඉන්දියානු ජාතිකයින් සහ මඩකලපුව ප‍්‍රදේශයෙන් පැමිණි ද්‍රවිඩ ජාතිකයින්ද සිටින බව අනාවරණයවී ඇත.

මොවුන්ට ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවී ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා ඉන්දිය ජාතිකයන් 06 දෙනෙකුගේ සහ ශ‍්‍රී ලාංකික ආසාදිතයන් 05 දෙනකුගේ ජෛව පටල සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමුකර ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කලේය.

මෙම ආසාදිතයන් සියලූම දෙනා මේ වනවිට කන්දකාඩුව සහ පුනානී ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයි තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,වෛද්‍ය ඉන්දික දංගම්පොළ මහතා ප‍්‍රකාශ කලේය.

මෙම ආසාදිතයින්ගේ ආශ‍්‍රිතයන් සියලූම දෙනා ස්වයං නිරෝධානය සඳහා යොමු කිරීමට  මේ වනවිට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීය.  

 



අදහස් (1)

පොළොන්නරුවේ කර්මාන්ත ශාලාවක 121කට කොරෝනා

bandara Monday, 21 June 2021 06:35 PM

අද ලංකාවේ විශාලතම කොරෝනා ප්‍රභවය කර්මාන්ත ශාලා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා තියෙන්නේ ජෛව බුබුලක් කර්මාන්තය කරන්න කියලා. උදේ ගෙවල් වල ඉඳලා වැඩට යනවා... හවස කොරෝනා හදාගෙන ගෙදර එනවා. බුබුලේ කෑලිත් නෑ. කාට මේවා කියන්නද? හිටන් හිටියා නම් හොඳයි වගේ....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site