IMG-LOGO

පොලොන්නරුවෙන් ආසාදිතයන් 20ක්

(චාපා මධුභාෂීණී)

පොලොන්නරුව දිස්ත්‍රීක්කයෙන් ඉකුත් 24 පැයේ කෝරෝනා වයිරසය ආසාදනය වූවන් විසි දෙනකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

දැනට දිස්ත්‍රීක්කය තුළ සමස්ත රෝගීන් 892 වාර්තා වී ඇති අතර ඉන් 592 සක්‍රීය රෝගීන් බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්. ඒස් කුමාරවංශ මහතා කියයි.

ඒ් අනුව පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ මේවන විට කොරෝනා ආසාදනය වී මරණ 15 සිදුව ඇති බවද ඒ මහතා කියයි.

මේවනවිට දිස්ත්‍රීක්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වන අතර ඒ රෝගීන් 293 කි. තවද තමන්කඩුව ප්‍රදේශයෙන් රෝගීන් 199 ද ඇලහැර ප්‍රදේශයෙන් රෝගීන් 119 ද සිරිපුර ප්‍රදේශයෙන් රෝගීන් 58 ද වැලිකන්ද ප්‍රදේශයෙන් රෝගීන් රෝගීන් 8, මැදිරිගිරිය ප්‍රදේශයෙන් රෝගීන් 35 ද ලංකාපුර ප්‍රදේශයෙන් රෝගීන් 60 ද අරලගංවිල ප්‍රදේශයෙන් රෝගීන් 68 ද මේවනවිට හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.

 



අදහස් (0)

පොලොන්නරුවෙන් ආසාදිතයන් 20ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 623 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site