(විනීතා එම් ගමගේ)
ඇඳිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ධාවනය වන අවස්ථාවල ප‍්‍රමාණය ඉක්මවා මගීන් නැගීම වැළැක්වීම සඳහා අද සිට පොලිසියේ හා හමුදාවේ සහය ලබා ගන්නා බව එහි සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.
බස්රථ 3000 කට ආසන්න ප‍්‍රමාණයක් ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ධාවනය කළ බවත් එම බස්රථවලින් කිහිපයක සීමාව ඉක්මවා මගීන් ගෙන ගොස් ඇති බවත් රණවක මහතා කීය.
එම බස්රථවල රියැදුරු හා කොන්දොස්තරවරුන් නිදහසට කරුණු ලෙස දක්වා ඇත්තේ සීමාව ඉක්මවද්දී මගීන් නංවා ගැනීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවල මගීන් පහර දෙන්නට සුදානම් වන බවත් බලෙන් නගින මගීන් නිසා මේ තත්ත්වය ඇති වී ඇති බව යැයි ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ඇදිරි නීතිය නැති අවස්ථාවන් හිදී බස්රථ ධාවනය කරන විට මගීන් නංවා ගැනීමේ දී නියමිත ප‍්‍රමිතියට අනුව මගීන් නංවා ගැනීමට කටයුතු කළ යුතු බවට කොන්දොස්තරවරුන්ට උපදෙස් දුන් බවත් පොලිසියේ සහ හමුදාවේ සහය ඊට ඉල්ලා සිටි බවත් සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ප‍්‍රමාණය ඉක්මවා මගීන් නැගීම වැළැක්වීමට පොලිසිය සහය
rana Monday, 20 April 2020 11:52 AM
අයියෝ තවත් රතුපස්වලක් වේද? හමුදාව ඇත්තේ යුද්දයකට වගේනේ?
ජයම්පති Monday, 20 April 2020 12:26 PM
එතකොට පුද්ගලික බස්? ඒවාගෙන් කොරෝනා බෝවෙන්නෙ නැද්ද?