IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 ක්

( ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ  අද  (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 52ක් වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකු හමුව ඇති අතර එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව සීදූව - 40 ක්, බියගම  - 31 ක්, වත්තල  - 27 ක්,  ජාඇල  - 22 ක්,  කටාන  - 21 ක්, අත්තනගල්ල  - 19 ක්,  මිනුවන්ගොඩ සහ ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න - 14 දෙනෙකු බැගින්,  කැලණිය සහ මීගමුව කොට්ඨාසයන්ගෙන්  - 13 දෙනෙකු බැගින්,  දොම්පෙ  - 12 ක්,  මීරිගම  - 5 ක්,  රාගම  - 3 ක් සහ දිවුලපිටිය එක් අයෙකු වශයෙන් වාර්තා  වී ඇත. 

ගතවූ පැය 24  ක කාලය තුල ආසාදිතයින් 206 දෙනෙකු  දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් කොරෝනා බවට සැක කෙරෙන 56 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,541 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

 

 

 

 

 



අදහස් (0)

පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 29 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site