( තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 280 ක් වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර එම කාලය තුල දිස්ත්‍රික්කයෙන්ම ආසාදිතයින් 1726 දෙනෙකුත් හමුව ඇත.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සඳහන් වන අතර පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම වත්තල - 198 ක්, මිනුවන්ගොඩ - 160 ක්, බියගම - 159 ක්, මහර - 138 ක්, අත්තනගල්ල - 125 ක්, දොම්පෙ - 122 ක්, මීරිගම - 104 ක්, මීගමුව - 102 ක්, ජාඇල - 97 ක්, රාගම - 79 ක්, කටාන - 78 ක්, කැලණිය - 33 ක්, දිවුලපිටිය - 31 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් - 20 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 40 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 21 ක්, බියගමින් - 10 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව - නව දෙනෙකු වශයෙනි.
වෙබ් අඩවියෙහි සදහන් අන්දමට අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 454 දෙනෙකු ප්‍රතිකාර පිනිස දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 7 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 483 දෙනෙකි.
නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 37,557 දෙනෙකි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැය 24 කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1726 ක්
චන්ද්‍රවංශ Thursday, 02 September 2021 11:18 AM
ගම්පහ ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් භාවිතයෙන් කරන ශබ්ද දූෂණය නිසා අවට නිවාසවල පදිංචි ගෙවල්වලටම කොටු වී ඉන්නා මිනිස්සුන් උදේ සවස පීඩා විඳිනවා... නිරෝධායන ඇඳිරිනීතිය නිසා කවුරුත් තමතමන්ගේ නිවෙස්වලට හිරවෙලා ඉන්නෙ. එහෙම මිනිස්සුන්ට මානසිකසුවය වැදගත් උනත්, ආගමික ස්ථානවලින් කරන ලවුඩ්ස්පීකර් කරදරය ඉවරයක් නැහැ.