IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නවසීලන්තය සති හතරක් වසා දමයි

ලෝකයේ අනෙක් රටවල මෙන් කොරෝනා ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන වේගයෙන් ඉහළ යෑම වළක්වා ගැනීම සඳහා සති හතරක කාලයකට රටේ කටයුතු සම්පූර්ණයෙන් සීමා (ලොක්ඩවුන්) කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් අද (23) ප්‍රකාශ කළාය.

නවසීලන්තයේ ජනගහනය මිලියන පහක් වන අතර එරටින් වාර්තා වන සමස්ත  ආසාදිතයන්ගේ ගණන 102ක් බවත් එය වාසනාවක් බවත් ඇය සඳහන් කළාය. 

නවසීලන්තයෙන් මෙතෙක් කොරෝනා මරණයක් වාර්තා වී නැති නමුත් දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව නවසීලන්ත ජාතිකයන් අතර වයිරසය පැතිර යෑමේ අවදානමක් ද තිබෙන බවත් එම නිසා මෙලෙස දැඩි පියවර ගන්නා බවත් ඇය සඳහන් කළාය.
 

එලෙස දැඩි පියවර නොගතහොත් දින පහෙන් පහට ආසාදිතයන්ගේ පිරිස දෙගුණ විය හැකි යැයි ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

‘‘අපි නිසි පරීක්ෂාවක් කළේ නැත්නම්, අපේ සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරි වේවි. එහෙම වුණොත් නවසීලන්තයේ දහස් ගණනක් මියයාවී’’ යැයි ද අග්‍රාමාත්‍යවරියා පැවැසුවාය. ‘‘දරුණුතම තත්ත්වය ඕනෑම වෙලාවක උදාවෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ඉතිහාසයේ නවසීලන්ත ජීවිතවලට වුණු විශාලම හානිය වෙන්න පුළුවන්. මම ඒ අවදානම ගන්නේ නැහැ’’ යැයි ද ඇය කීවාය.

ඒ අනුව රටේ කටයුතු සම්පූර්ණයෙන් සීමා කිරීමට පියවර ගන්නා බවත් එය කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමටත් අපේ සෞඛ්‍ය පද්ධතියට කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමටත් අවස්ථාවක් ලබාදෙන්නේ යැයි නවසීලන්ත අගමැතිනිය තවදුරටත් සඳහන් කළාය.

මෙම නව සීමාවලට අනුව නවසීලන්තයේ සියලු පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමෙන අතර නවසීලන්ත වැසියන්ට සති හතරක කාලයක් නිවෙස්වල රැඳී සිටීමට සිදුවනු ඇත.

‘‘ශක්තිමත්ව සිටින්න. කරුණාවන්ත වෙන්න’’ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අවසාන වශයෙන් සිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

ඒ.එෆ්.පී.

055
 



අදහස් (4)

නවසීලන්තය සති හතරක් වසා දමයි

Perera Monday, 23 March 2020 05:00 AM

මම ඉන්නේ නවසීලන්තේ... ලංකාවේ අරන් තියෙන පියවරවල් වලින් 1/4ක් නවසීලන්තේ දැනට කරලා නැහැ. මෙහෙ නිරෝධායන මධ්‍යස්ථාන නැහැ. ජීවනුහරන කිරීමේ ක්‍රියාවලි කිසිත් නැහැ. මිනිස්සුන්ට කිසි ගානක් නැහැ. මාස්ක් දාගෙන පාරේ ගියාම මිනිස්සු පුදුමෙන් වගේ බලනවා. එන්නේ සීත සෘතුව. ඉතාලිය හා සමාන මරණ සංඛ්‍යාවක් හෝ ඊට වඩා ගානක් මෙහෙ මැරුනොත් මම පුදුම වෙන්නේ නැහැ.

:       1       9

RaveendraMonday, 23 March 2020 05:54 AM

අනේ අපි නම් ඉන්නේ අපි උපන් මාතෘභූමියේ. එසේ වුණත් අපගේ සෞක්‍ය අංශ ලබාදුන් උපදෙස් අපේම සම "හරක් " බුරු පණ්ඩිතයන් එම උපදෙස් කිසිදු වගකීමකින් තොරව බැහැර හැරීම නිසා අපගේ රට ඉතාම අවදානම් තත්වයක තිබෙන බව නම් කිව යුතුය. දැන්වත් අප අදාළ නීතිරීති වලට ඇහුන්කම් දිය යුතු බව අප සැමට වැටහී ඇති බව ද කිව යුතුය. එමගින් අප විශ්වාස කරනවා ඇතිවී තිබෙන අවදානම නැතිකරගත හැකි බවය.

:       0       20

Dilan Monday, 23 March 2020 06:15 AM

ගබ්සාව නීතිගත කරල කරුණාවන්ත වෙන්න කියන එක පරස්පරයි නේද? මම කියන්නෙ ගබ්සාව හරි හෝ වැරදි වීම ගැන නොවෙයි. ගබ්සා කරන ගමන් කොහොමද කරුණාවන්ත වෙන්නේ?

:       3       4

Paala Monday, 23 March 2020 07:50 AM

ජනගහනය ඉතා අඩු රටක් නිසා ව්‍යාප්තිය අඩු වේවි... ජනගහනයනේ හැම ප්‍රශ්නයටම මුල...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site