IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නියාගම වැසියන්ට අන්තර්ජාලයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇණවුම් පහසුකම්

(ජේ.කේ.එල්. චාමින්ද)

ඇඳිරි නීතිය  ඉවත්කිරීමෙන් පසු  භාණ්ඩමිලදී ගැනීම සදහා වෙළඳසැල්වලට  පැමිණෙන ජනතාව සීමා කිරීමේ  අරමුණින් අන්තර්ජාලයෙන් භාණ්ඩ නිවසටම ගොස් ලබාදීමේ වැඩසටහනක් නියාගම ප්‍රාදේශීය ලේකම්කාර්යාල මගින් අද (23) ආරම්භ කර තිබේ.
 

නියාගම ප්‍රාදේශීය ලේකම් කේ චතුර මිහිදුම් මහතාගේ  සංකල්පයකට අනුව මෙකි වැඩ සටහන අද ආරම්භ කර ඇත.
 
මෙම වැඩසටහන පිළිබද අදහස් දක්වමින් ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේ කිවේය.
 
'ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු  ජනතාව විශාල වශයෙන් වෙළඳසැල්වලට පැමිණෙනවා. ජනතාව එක් රොක්වීමෙන් කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක් තියෙනවා. ඒ නිසා නියාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි  ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා. අත්‍යවශ්‍ය  පාරිභෝගික භාණ්ඩ වල අවශ්‍යතාවය දන්වා, මගේ දුරකථන අංකයට කෙටි පණිවුඩ, හා  වයිබර් වට්සැප්,  මගින් අවශ්‍යතාවය දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියා. නම, පදිංචි ග්‍රාම නිලධාරි වසම හා දුරකතන අංකය දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියා. සතොස මගින් භාණ්ඩ ලබාගෙන රුපියල් 1000ක  භාණ්ඩ මල්ලක් සකස් කළා. මේ සඳහා ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තියෙනවා. අද දිනය තුළ පමණක්  වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 250ක් සදහා ඇණවුම් ලැබුනා. එම භාණ්ඩ නිවසටම ගොස් බෙදාදීමට කටයුතු කරනවා. ඇඳිරි නීතිය පැනවුවත් ඇණවුම් කළ භාණ්ඩ අපි බෙදා දෙනවා. මේ සදහා  නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, සදර්න් හාට් සංවිධානයේ තරුණ පිරිසකගෙන් විශාල දායකත්වයක් ලැබුණා' යැයිද ඒ මහතා කීය.

 

 



අදහස් (0)

නියාගම වැසියන්ට අන්තර්ජාලයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇණවුම් පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 29 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site