(සුමතිපාල දීයගහගේ)
කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින මහජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දුන් බව නාගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් වික්ටර් නාගොඩවිතාන මහතා පැවසීය.
ප්‍රාදේශීය සභා පොදු අරමුදලින්ද තවත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වෙන්කර ඇති බවද නාගොඩවිතාන මහතා පැවසීය.
ජනතාවට බෙදාදීම සඳහා ජාතික ජල සම්පාදනහා ජලා ප්‍රවහන මණ්ඩලයෙන් ජලය මිලදී ගැනීමට එම රුපියල් ලක්ෂ දෙක වැය කර ඇති බව සභාපතිවරයා පැවසීය.
ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවහන මණ්ඩලයට අයත් බද්දේගම ජල පවිත්‍රාගාරයෙන් මිලදී ගන්නා ජලය බවුසර් තුනක් සහ ටැක්ටර් රථයක් මගින් ජනතාවට බෙදාහැරීම නියමිත බවද ඔහු පැවසීය.
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි බස් නැවතුම්පොළවල්, බැංකු, රාජ්‍ය ආයතන සහ වෙනත් පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බව නාගොඩවිතාන මහතා සඳහන් කළේය.
එම බල ප්‍රදේශය තුළ පදිංචි ජනතාවට සහන බඩු මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නාගොඩ ප්‍රාදේශීය සභාව කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නාගොඩ ප්‍රා. සභාවට දකුණේ ආණ්ඩුකාරවරයාගෙන් මුදල් පරිත්‍යාගයක්
සෙනෙවිරත්න Friday, 27 March 2020 01:48 PM
නියාගම, බද්දෙගම ,අක්මීමන සභා තම සංචිත නිදහස් කළද සමාන සම්පත් සහිත මෙම සභාවට එවැනි හැකියාවක් නොමැති බව පෙනේ. මෙය කාගේ කරුමයද?