(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල සත්වෝද්‍යානයේ කොටියෙකුටත් කොවිඩ් ආසාදනයවී ඇද්දැයි සැකයක් මතුව ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
මෙම කොටියාගේ ජෛව පටල සාම්පල කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
දෙහිවල සත්වෝද්‍යානයේ පිරිමි කේසර සිංහයකුටද සිංහ ධේනුවකටද ඔරංඔටං සහ චින්පන්සි සතුන් දෙදෙනෙකුටද මෙයට පෙර කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගැනිණ.
සත්වෝද්‍යානයේ මුලින්ම කොවිඩ් ආසාදනය වූයේ " තෝර් " නැමැති පිරිමි කේසර සිංහයාටය.
කොවිඩ් ආසාදනයවීමෙන් සිංහයා සෞඛ්‍යමය වශයෙන් දැඩි අවදානමකට ලක්වුණත් එම සත්වයා මේ වනවිට සුවය ලබා සිටින බවද විමලවීර දිසානායක මහතා කීවේය.
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යාන මේ වනවිට විවෘත කර ඇති අතර ඒවා උපරිම සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව පවත්වාගෙන යන ලෙස ඒවායේ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ සියලුම සත්වෝද්‍යාන මාස කිහිපයක් එක දිගට වසා දමා තිබිණ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙහිවල සත්වෝද්‍යානයේ කොටියකුටත් කොවිඩ්?
Sri Lanka Thursday, 12 August 2021 05:09 PM
හරකුන්, ඌරන්, කුකුළන්, එළුවන් වැනි සතුන්ට කොරෝනා තියෙනවද කියලා හොයලා බැලුවොත් හොඳ නැද්ද? ස්තුතියි...