IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


’දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා’

කොරෝනා වසංගතය ‘‘දෙවැනි ලෝක යුද්ධයෙන්’’ පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය යැයි ජාතිය අමතමින් එරට චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය ප්‍රකාශ කළාය.
 
ජර්මානු චාන්සලර්වරියගේ ජාතිය ඇමතීමේ කතාව රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු අතර කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ද ඇය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.
 
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ සටනේදී සෑම පුරවැසියකුටම වගකීමක් හා කාර්යභාරයක් පැවැරී ඇතැයි සඳහන් කළ ජර්මානු නායිකාව සෑම පුරවැසියකුගෙන්ම තමන්ට හිමි කොටස ඉටු කරන්නැයි ද ඉල්ලා සිටියාය.
 

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසය මේ වනවිට යුරෝපය පුරා මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර වයිරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ද යුරෝපයයි.

 
‘‘තත්ත්වය ඉතාම දරුණුයි. අපි මෙය බරපතළ ලෙස ගත යුතුයි. ජර්මනිය එක්සත් විය යුතුයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අපි කවදාවත් මේ වගේ අභියෝගයකට මුහුණ දීලා නැහැ. අපි සාමූහිකව වැඩ කරන්න ඕනෑ. අපේ සටනේ ජයග්‍රහණය තීරණය වෙන්නේ අපි කොච්චර එකමුතු ද කියන කරුණ මත’’ යැයි ඇය සඳහන් කළාය.
 
වසර 15ක් මුළුල්ලේ ජර්මනිය පාලනය කරන ජර්මානු නායිකව මීට දශකයට මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී හෝ 2015 සරණාගත අර්බුදය හෝ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූ අවස්ථාවේදී හෝ මෙලෙස රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතුවේ නැති අතර ඇය සාම්ප්‍රදායික අලුත් අවුරුදු සුබපැතුම් ලබාදීමට පමණක් ජාතිය ඇමතීම සිදුකළාය. ඒ හැර වෙනත් කිසිදු අවස්ථාවකදී එලෙස ජාතිය ඇමතීමකට ඇය සම්බන්ධ නොවූවාය.
 
‘‘මෙයින් සාර්ථකත්වය ලබන්න පුළුවන් යැයි මා දැඩි සේ විශ්වාස කරනවා. සෑම පුරවැසියකුම තමන්ට පැවැරී තිබෙන වගකීම ඉටු කරනවා නම් එය අපට කරන්න පුළුවන්’’ යැයි ජර්මානු නායිකාව කීවාය. 
 
(ඒ.එෆ්.පී.)
 
055



අදහස් (5)

’දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා’

Champa Thursday, 19 March 2020 04:31 AM

හොඳ කතාවක්. හැබැයි කොරෝනා වයිරසය චීනයේ වූහාන් නගරයෙන් පටන් ගත්තට ව්‍යාප්තිය පටන් ගත්තේ චීනෙන් කියන එක වැරදියි. ඒ මොකද කිව්වා නම් චීනයේ මුලදීම නගරය ලොක් ඩවුන් කරලා පැතිරීම වැළැක්වූවා. අනිත් එක ලංකාව උදාහරණයක් විදිහට ගත්තොත්, ලංකාවේ පළවෙනි කොරෝනා අසාදිතයා චීන ජාතික කාන්තාවක්... හැබැයි ඇයගෙන් කාටවත් බෝ වෙලා තිබුණා කියලා සාක්ෂි නැහැ. ලංකාවේ පළවෙනි ලාංකික කොරෝනා අසාදිතයා යුරෝපා සංචාරකයින් එක්ක ගිය සංචාරක මඟ පෙන්වන්නෙක්... අනිත් අතට අද වෙනකොට මේ තරම් රෝගීන් සංඛ්‍යාවක් ලංකාවේ ආසාදිත වෙන්න හේතුව ජනවාරි ඉඳන් යුරෝපා සහ වෙනත් රටවල සිට ආපු දේශීය සහ විදේශීය පිරිස්... ඒ හින්දා මේක චීනයටම බර කරන එක වැරදියි. තාම හරියටම හොයා ගෙනත් නැහැ මුලින්ම පටන් ගත්තේ කොහොමද කියලා...?

:       0       2

raviThursday, 19 March 2020 09:24 AM

ජර්මනිය කියන රට එහෙම තමයි ... එයාල විෂගොර සර්පයෙක් දැක්කහම .. ඒ සතා ආපු හුඹහ වෙනුවට ... මේ සතාගෙන් වෙන්න යන අකරතැබ්බයන් ගැන කල්පනාකාරී වෙනවා .. මේකට කියන්නේ " thinking of germans " කියල .

:       0       0

Champa Thursday, 19 March 2020 05:01 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි කොරෝනා වයිරසයේ එකම ජයග්‍රාහකයා. බලන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුමුදු සිහින එක රැයින් සැබෑ වෙච්ච හැටි. 1. දේශ සීමා නිකම්ම වැහුණා. 2. දැන් සරණාගතයින්ට එන්න බැහැ. අනාගතේ එන එකත් සීමා කරනවා. 3. එක වයිරසයෙන් චීනය ලොක් කළා. 4. චීනේ වෙළඳ අධිපත්‍යය කඩා වැටුණු හෝ වැටෙමින් පවතිනවා. 5. දැනටම ධනවත් යුරෝපා රටවල් කියනවා තමන්ට අවශ්‍ය දේවල් තමන්ගේ රටේම නිපදවන්න ඕනේ කියලා. මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලොකුම සිහිනයක්. 6. ඉරානයට දැන් බෝම්බ දාලා කරදර වෙන්න ඕනේ නැහැ. 7. ලෝකයේ බොරතෙල් ආධිපත්‍යයත් කඩා වැටුණා. 8. යුරෝපයේ ආර්ථිකය කඩා වැටෙද්දී කෙලින් හිටපු ආසියානු ආර්ථිකය බලා ඉන්දැද්දී කඩා වැටෙනවා. 9. 2020 සිට යුරෝපා ආර්ථිකය කඩා වැටිලා ආසියාවේ ආර්ථිකය ඉහළට යනවා කියලා කියපු පුරෝකථන ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස් කළා. 10. ධනවත් රටවල් ඩොලර් බිලියන් සිය ගණන් තමන්ගේ රටවල් මිනිස්සුන්ගේ සුබ සාධනය සහ ආර්ථිකය කඩා වැටීම නවත්තන්න යොදවද්දී, ලංකාව වගේ රටවල් ලොක් ඩවුන් එකක් කරලා කොරෝනා පැතිරෙන එක වළක්වන්න අවශ්‍ය ප්‍රතිපාදන නැතුව ලතවෙනවා. 11. අවසාන වශයෙන් කොරෝනා වළක්වන එන්නතත් ඇමරිකාවම හදලා ඒකෙනුත් බිලියන් ගණන් හම්බ කරනවා...

:       38       7

raviThursday, 19 March 2020 09:37 AM

අපේ රට ගැන අපි හුඟක් කනගාටු වෙනවා ... මේ හැම දෙයකටම හේතුව තමයි , අපේ රට පාලනය කරපු සහ පාලනය කරන හොරු නිසා .. කිසිම හදිසි අවස්තාවක ගන්න සතයක්වත් රජයේ භාණ්ඩාගාරවල ඉතුරු කරලා නැහැ .... කිසිම හදිසි අවස්ථාවකට සරිලන දෙවැනි සැලැස්මක් කියල දෙයක් නැහැ . අපේ පාලකයෝ රට පාලනය කරන්නේ ලෝකෙට පරකාසේ , ගෙදරට මරගාතේ , කියන සැලැස්ම අනුවයි .

:       0       0

Nuwan Thursday, 19 March 2020 07:51 AM

මේ අය තමයි යුරෝපයේ සරණාගත වසංගතයට, ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නවලට මුල... දැන් කොරෝනාවක් අල්ලාගෙන කියවනවා..

:       39       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site