IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දුරස්ථව නඩු අහන්න අධිකරණ අමාත්‍යංශයට ලැප්ටොප් 55 ක් පිරිනමයි

 

(තිළිණි ද සිල්වා)

දුරස්ථව සිට අධිකරණ කටයුතු පවත්වාගෙන යාම හා නඩු ඇසීම සිදු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශයට ලැප්ටොප් පරිගණක 55ක් පිරිනැමීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පියවර ගෙන ඇත.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් කරන ලද ඉල්ලීමකට අනුව දුරස්ථව සිට අධිකරණ කටයුතු පවත්වාගෙන යාම හා නඩු ඇසීම සිදු කිරීම සදහා මෙම ලැප්ටොප් පරිගණක පිරිනමා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය කියා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අරමුදලෙහි මෙරට නේවාසික නියෝජිත රොබට් ජුකීම් මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත අදාළ පරිගණක නිල වශයෙන් බාර දෙනු ලැබිණි.

දුරස්ථව සිට සිදුකරන මෙම නඩු ඇසීමේ ක්‍රියාවලිය , අධිකරණ පද්ධතිය ඩිජිටල්කරනය කිරීමේ අධිකරණ අමාත්‍යාංශයේ දිර්ඝ කාලීන වැඩසටහනේ තවත් පියවරක් යැයිද අධිකරණ අමාත්‍යංශය කියා සිටී.

මෙම අවස්ථාවට ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා, අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත රොබට් ජුකීම් යන මහත්වරුන් ඇතුලු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතවරු ද එක්වූහ.



අදහස් (1)

දුරස්ථව නඩු අහන්න අධිකරණ අමාත්‍යංශයට ලැප්ටොප් 55 ක් පිරිනමයි

WCA Monday, 28 December 2020 03:38 PM

රටේ නඩු අහන්න ලෝකේ වටේ හිඟාකනවා. මෘතශරීර දාන්න පැය 24න් අයිස් පෙට්ටිත් ගේන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31569 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13928 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1091 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site