(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 15 කට පසුව අද (19) දින පෙරවරු 6.00 සිට නැවත ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.
ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිට ගොවීහු සිය අස්වැන්න රැගෙන පැමිණ සිටියහ.
දඹුල්ල නගරයේ සෑම මාර්ගයකම එළවළු ලොරි පෝලිං දැකගැනීමට හැකිවිය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය පස්වන දින දිනනියමයක් නොමැතිව වසා දැමුනු අතර එහි පැමිණෙන ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටීම හේතුවෙන් මෙම පියවර ගනු ලැබීය.
පසුව ගොවීහු දඹුල්ල නගරයේ තැන තැන තම අස්වනු තබාගෙන දින 15 ක පමණ කාලයක් එළවළු අලෙවි කළහ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙළෙඳ සංගමයේ සහ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකින් පසුව අද සිට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තැබීමට උපදෙස් ලබා දුන්නේය.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් අද උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර සවස 6.00 සිට 8.00 දක්වා එහි පිරිසිදු කිරීමට සැලසුම් කර තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලොරි 5000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇති බවත් ගොවීන්ට උපරිම මිලක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය.
මුඛ ආවරණ නොමැතිව පැමිණෙන පිරිස් ඉවත් කිරීමටත් ඇතුළත රැඳී සිටීමේදී මුණ ආවරණ ඉවත් කරන පිරිස් මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමටත් පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත වෙයි