IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දඹාන ආදීවාසී කෞතුකාගාරයත් වහයි

( රංජිත් කරුණාවිර )
දඹාන ආදිවාසී ගම්මානයේ කෞතුකාගාරය තාවකාලිකව වසා දැමීමට  තීරණය කළ බව  ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පැවසීය.

රට පුරා කොරෝනා රෝගීන් වාර්තා  වීමත් සමඟ ඇති අවදානම් තත්වය හේතුවෙන්  ආදිවාසී ගම්වාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද එවන් තීරණයටක එළැඹි බව වන්නිල ඇත්තන් සඳහන් කළේය.
 
  අද(15) මාධ්‍ය හමුවකදී ඔහු  මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ  වන්නිලඇත්තෝ මෙසේද කීවේය.
 
  “ මට ආරංචි වුණා පිට රට ඉදලා ලංකාවට පැමිණි අපේ රටේම කණ්ඩායමක් ගුවන් තොටුපොලේදී  පරික්ෂා කිරිමට විරෝධය පාලා විශාල කලබලයක් ඇති කරා කියලා.
  
තමන්ගේ අයිතිවාසිකම් ගැන කථා කරමින් තමන් රටට විශේෂ විනිමය ගෙන එනවා කියලා බලපෑම් නොකර රටේ අනිත් ජිවත් වෙන මිනිසුන්ගේ ආයිතිවාසිකම් ගැන සැලකිලිමත් වෙලා, ඒ කථාව අනිත් පැත්තට කල්පනා කරලා, අපිව පරික්ෂා කරන්න කියලා ඉදිරිපත් වෙන්න ඒ කලබල කරපු අයට තිබුණා.

ආරක්ෂක අංශයේ අයට, නිළධාරින්ට බැන තර් ජනය කර බලපෑම් කිරිම තුළින්ම ඒ අයම අනතුරට පත් වුණා. ඒ අය අනතුරය පත් උනා පමණක් නොවෙයි, නිවෙස් වල ඉන්න පවුලේ සාමාජාකයන්, දෙමාපයින් ආදී හැමොම අනතුරට පත් කළා. පස්සේ ඒ අයගෙන් ගමටත් රටටත් බෝවෙන්න පුලුවන්.
 
මම කල්පනා කරන විදියට රට අනතුරකට මුහුණ දෙමින් යන මේ මොහොතේ රටේ සියලු දෙනා එකම පවුලක සාමාජිකයන් සේ සිතා රටේ ආරක්ෂාව පෙරට තියලා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
 
අපේ රට තරම් වාසනාවන්ත රටක් ලොව නෑ කියලයි මම හිතන්නේ. 90%ක් පමණ බෞද්ධයන් ජිවත් වෙන රටක, මොන විනාශයක් පැමිණියත් ධර්මයේ බලයෙන් රට ආරක්ෂා කෙරෙනවා. බුදු සමයේ විශාලා මහනුවර තුන්බිය ඇති වෙච්ච මොහොතෙත් ධර්ම යේ බළයෙන් එය තුරන් කරා.‘



අදහස් (0)

දඹාන ආදීවාසී කෞතුකාගාරයත් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site