IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


‘දකුණේ වැඩිහිටි නිවාස සඳහා සති දෙකකට වියළි ආහාර ගබඩාකරගන්න’

(ජේ.කේ.එල් චාමින්ද)

දකුණු පළාතේ වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය  ඉදිරි සති දෙක සදහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට  උපදෙස් ලබා දි ඇති බැව් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.

දැනට දකුණු පළාතේ වැඩිහිටි නිවාසවල ආහාර හිගයක් නොමැති බව පවසන දකුණු පළාත් පරිවාර කොමසාරිස්වරයා අවශ්‍යතාවය  අනුව  ප්‍රාදේශිය ලේකම්වරුන් සමග සාකච්ඡාකොට  සතොස සමුපාකාර මගින් වියලි ආහාර ද්‍රව්‍ය තව සති දෙකකට ගබඩාකරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් දුන් බවද පවසයි.
 
එමෙන්ම වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් සදහා අවශ්‍ය  ඖෂධ වර්ග ද ගබඩා කරගන්නා ලෙස උපදෙස් ලබා දි ඇති අතර අවශ්‍ය මුදල් සමාජසේවා දේපාර්තමේන්තු මගින් ලබාදෙන බවද පරිවාස කොමසාරිස්වරයා සදහන් කළේය.
 
දකුණු පළාතේ වැඩිහිටි නිවාස  49ක වැඩිහිටි පුද්ගලයින් 1600ක් සිටින බව  පෙන්වා දෙන පරිවාස කොමසාරිස්වරයා   කිසිදු බාහිර පාර්ශවයකට ඒ සදහා ඇතුල්විම තහනම් කොට ඇති බවද පවසයි.
 



අදහස් (2)

‘දකුණේ වැඩිහිටි නිවාස සඳහා සති දෙකකට වියළි ආහාර ගබඩාකරගන්න’

නිලන්ති Saturday, 28 March 2020 02:53 AM

උතුරු පළාතේ ඉන්නේ මිනිසුන් නොවෙයිද ?

:       26       127

jagath Saturday, 28 March 2020 05:05 AM

"නිලන්ති" ස්වයන් පාලනයක් ඉල්ලන උතුරට ඔන්න හොදම අවස්ථාව, පුලුවන්නම් රජයේ මැදිහත් වීමකින් තොරව වයිරසය පාලනය කරන්න කියන්න බලන්න. දකුණෙන් බෝකරේ නෑ, උතුරේ උන් වයිරසය අමු අමුවේම ආනයනය කලේ ස්විට්සර්ලන්ඩ් වලින්.

:       30       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 267 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site