IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයන් ප්‍රවාහනයට ලංගම බස් රථ 27ක්

(ජේ.කේ.එල් චාමින්ද)
 
ඇඳිරි නීතිය පවතින කාලය තුළ දකුණු පළාතේ රෝහල් සඳහා  සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංගම  බස් රථ 27ක් යොදවා ඇති බැව්  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු  ආර්.ඒ.පී. කුමාර මහතා පවසයි.

 
සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා තංගල්ල  රෝහල සදහා බස් රථ 4ක්, කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා  බස් රථ 6ක්  නිදහස්කොට ඇති බවද ගමනා ගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකාරවරයා සඳහන් කළේය.
 
 ඔහු මේ පිළිබද අදහස් දක්වමින් මෙසේද කීවේය.
 
'දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා තමයි මෙම බස් රථ 27 යෙදවලා තියෙන්නේ. හම්බන්තොට කළුතර, කරාපිටිය, මාතර බලපිටිය, ආදි රෝහල්වල සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වෙනවා. කරාපිටිය-අම්බලන්ගොඩ කරාපිටිය-අකුරැස්ස, කරාපිටිය-මාතර, කරාපිටිය-උඩුගම, කරාපිටිය-ඇල්පිටිය, අකුරැස්ස මාතර, අකුරැස්ස මුලටියන යටියන, වලස්මුල්ල මාතර, මාතර තංගල්ල   යන මාර්ගවල හා කරාපිටිය රෝහල සදහා උඩුගමින් ඇල්පිටියෙන්  ගමන්වාර 03 බැගින් සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරීමට බස් රථ යොදාගන්නවා.
 
හෙට ඇඳිරි නීතිය ඉවත් කළ පසු  සේවකයින්ට පැමිණෙන ලෙස දන්වා තියෙනවා. සේවා අවශ්‍යතාවය මත තමයි බස් රථ යොදවන්න වෙන්නේ. නගර ආශ්‍රිත  බස් රථ සේවවාක් යෙදාවන්න පුළුවන් වේවි. එහෙත් ඇඳීරි නීතිය පස්වරු 2.00කට යලි පනවන නිසා  දුරගමන් සේවා  සඳහා බස් රථ යෙදවීමට හැකිද කියා ස්ථිරවම කියන්න බැහැ.සේවා අවශ්‍යතාවය මත තමයි බස් රථ යොදවන්න වෙන්නේ' යැයිද ප්‍රාදේශීය කළමණාකාරවරයා සදහන් කළේය



අදහස් (0)

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයන් ප්‍රවාහනයට ලංගම බස් රථ 27ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site