IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ට්‍රම්ප්ගේ රැලිය සංවිධානය කළ හයදෙනකුට කොරෝනා

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වූ පළමු ජන රැලිය සංවිධානය කළ සංවිධායක මඬුල්ලේ හයදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලකින් පක්ෂය නියෝජනය කරමින් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ජන රැලිය ඔක්ලහෝමා ජනපදයේ ටුල්සා නුවර දී ඊයේ (20) පැවැත්විණි.

රැලිය ආරම්භ වීමට පෙර ‘කොවිඩ්-19’ පරීක්ෂණ සිය ගණනක් කර තිබූ අතර ඒ අනුව රැලිය සංවිධානය කිරීමට සම්බන්ධ වූ හයදෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබිණි.

ඔවුන් සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියට ගත් බවත් කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රකාශකයකු වන ටිම් මෝටාහ් පැවැසීය.

‘‘වයිරසය ආසාදනය වූ හෝ ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් කිසිවකුත් රැලියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන් කිසිවකුත් නිලධාරීන් අසළට ගියෙත් නැහැ’’ යැයි හෙතෙම කීය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරමින් ජන රැලිය සංවිධානය කර තිබිණි.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස්වලට ගරු කරමින් බොහෝදෙනකු රැලියට සහභාගී වූයේ නැත.

රැලිය පැවැති ක්‍රීඩාංගනයෙන් අඩක් පිරෙන්නට තරම්වත් ජනතාව පැමිණ නොසිටි අතර තමන් අපේක්ෂා කළ තරම් පිරිසක් රැලියට සහභාගී වූයේ නැතැයි සංවිධායකයෝ පසුව ප්‍රකාශ කළහ.

රැලියට සහභාගී වන සියලු දෙනාට මුඛ ආවරණ පැළැඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය කරන්නැයි ද ඉල්ලමින් එම ජනපදයේ වැසියන් දෙදෙනකු පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. තමන්ට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වීමේ ඉඩක් ඇති දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇතැයි කියන පුද්ගලයන් දෙදෙනකු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි.

එම පෙත්සම ඉදිරිපත් කළ පුද්ගලයන්ට එවැනි ඉල්ලීමක් කිරීමට නෛතික බලයක් නැතැයි කියමින් ඔක්ලහෝමා ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කර තිබිණි.

ද නිව්යෝක් ටයිම්ස්’/අල්ජසීරා

ඡායාරූප – ඒ.එෆ්.පී. 

 

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ රැලිය සංවිධානය කළ හයදෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31711 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14172 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 202 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site