නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා දැඩි කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අද (2) පියවර ගත්තාය.
යුරෝපය පුරා මේ වනවිට නව කොරෝනා වයිරසය දෙවැනි රැල්ල වේගයෙන් පැතිර යමින් තිබෙන අතර දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 අර්බුදය ද උග්‍ර අතට හැරෙමින් තිබේ.
මේ වනවිට ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 46 ඉක්මවන අතර ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.2ට ආසන්න වී තිබේ.
නව කොරෝනා මේ ආකාරයෙන් නැවත වේගයෙන් පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ දැනටමත් දැඩි කඩා වැටීමකට ලක්ව තිබෙන ගෝලීය ආර්ථිකය තවදුරටත් උග්‍ර අර්බුදයකට පත් වීමේ අනතුරු සංඥා දැනටමත් දක්නට ලැබෙමින් තිබේ.
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා දැඩි කරන බවත් ඒවා මේ මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වන බවත් ජර්මානු චාන්සලර් ඇන්ජෙල් මර්කෙල් ප්‍රකාශ කළාය.
කෙසේ නමුත් ජර්මානුවන් ඔවුන්ගේ නිවෙස්වලට කොටු නොවන අතර එසේ වුවත් බීමහල්, අවන්හල්, ආපනශාලා, සිනමාශාලා, රංගශාලා සහ ඔපෙරා ගීත නාටක හා සංගීත සංදර්ශන පැවැත්වෙන ශාලා වසා දැමිය යුතු ය.
එංගලන්තය මේ වනවිටම රටම වසා දමා නිවසේ රැඳි සිටීමේ නියෝග ක්‍රියාත්මක කර ඇති අතර ඔස්ට්‍රියාව, ප්‍රංශය සහ අයර්ලන්තය මේ වනවිටත් එම සීමා ක්‍රියාත්මක කරමින් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීමට පැනවූ සීමා දැඩි කර ඇත.
එම සීමා බොහෝමයක් සති හතකර කාලයක් සඳහා ක්‍රියාත්මක වන ඒ හේතුවෙන් ආර්ථිකය සිදුවන බලපෑම සම්බන්ධයෙන් මේ වනවිට අර්බුද රැසක් මතුව තිබේ.
බෙල්ජියම ද මේ වනවිට දැඩි සීමා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර එම සීමා අද සිට ආරම්භ වේ. පෘතුගාලය බදාදා සිට අර්ධ ලොක්ඩවුන් සීමා පැනවීමට තීරණය කර ඇත.
ස්පාඤ්ඤය මේ වනවිට රාත්‍රියට පමණක් බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත. ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල සීමා ද වසා දමා ඇත.
ඉතාලිය ද අද දිනයේදී නව සීමා ක්‍රියාත්මක කිරීමට නියමිත රටටම බල පැවැත්වෙන පරිදි ලොක්ඩවුන් සීමා පැනවීමට ඉතාලි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
ඒ.එෆ්.පී.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජර්මනිය සීමා දැඩි කරයි