( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත සතුට පළ කරන බව එම සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින බාර අධ්‍යක්ෂිකා සිම්රින් සිං මහත්මිය පැවසුවාය.
ඇය මේ බව කියා සිටියේ කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ සබඳතා සහ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති විශේෂ හමුවකදීය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී අදහස් දැක්වූ ඇය කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ සේවක වැටුප් ගෙවීම,වෘත්තීය සුරක්ෂිතතාව හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය මෙතෙක් ගෙන ඇති පියවර ප්‍රශංසා කටයුතු බව ය.
සමස්ත ලෝකයම අර්බුදයකට ගොස් ඇති මොහොතක ශ්‍රී ලංකා ආණ්ඩුව මෙරට ආර්ථිකය නගා සිටුවීමට අදාලව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිම්රින් සිං මහත්මියට කරුණු පැහැදිලි කරන ලදි.
විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය සම්බන්ධයෙන් ද මෙහිදී දෙදෙනා විශේෂයෙන් සාකච්ඡා කළහ.
කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් මෙරට කම්කරු ක්ෂේත්‍රයට අවශ්‍ය ආධාර ලබාදීමට ද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිතවරිය අමාත්‍යවරයාට පොරොන්දු විය.
මෙම විශේෂ හමුව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන,කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත යන මහත්වරු ද එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් පැසසුම්
surath Sunday, 19 April 2020 02:34 PM
උණුසුම් සුභපැතුම්...!!!
Charm_AUS Monday, 20 April 2020 11:26 AM
විදේශ සේවා නියුක්ති කාර්යාලයේ සභාපති කමල් රත්වත්ත මහතාණෙනි, අප රැකියාවක් සඳහා විදේශ ගතවනවිට පළමුව එම රටට යන්නේ නම් රුපියල් 18000.00ක පමණ මුදලක් ද සෑම වසර දෙකකටම වරක් එම රටට යන්නේ නම් තවත් රුපිල 3500.00ක පමණ මුදලක් ද අපි ඔබ ආයතනයට ගෙවන්නෙමු. මෙම අසහනකාරී මොහොතේ විදේශගතව සිටින අපි රැකියා විරහිත භාවයට සහ කාමර කුලී, ආහාර හිග බැවින්ද පීඩාවට පත්ව සිටින්නෙමු. අපි ඔබට ගෙවන මුදලින් මෙම විදේශීය ශ්‍රමිකයන්ට උපකාරයක් කිරීමට ඔබලාට නොහැකිනම් මෙම මුදල් ඔබට දීමෙන් අපිට ඇති පලය කරුණාකර පහදා දෙන්න.