IMG-LOGO

ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය විෂබීජහරණ කරයි

 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
 
මාධ්‍යවේදීන්  සහ වෙනත් පුද්ගලයින්  නිරන්තරයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත පැමිණෙන බැවින් එම පැමිණෙන්නන්ගේ ආරක්‍ෂාව උදෙසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය විෂබීජ හරණය කර දෙන මෙන් එම ආයතනය මගින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
 
ඒ අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.
 
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සියලුම ස්ථානයන් ආවරණය වන පරිදි විෂබීජ හරණ කටයුතු සිදු කළේය.

 



අදහස් (1)

ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය විෂබීජහරණ කරයි

chandima Saturday, 21 March 2020 06:09 PM

අපට දැන් මැරෙනකල් සින්දු අහන්න පුළුවනි. බයේ උන්නේ ඕකත් වහයි කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 81 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 304 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site