(ජේ.කේ.එල්. චාමින්ද)
කන්දකාඩු සිද්ධියට අදාලව ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 221 දෙනෙකු ගෘහ ආශ්‍රිතව ස්වයං නිරෝධනයට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හදුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පළමු දෙවැනි හා තෙවැනිපෙළ ආශ්‍රිතයින්, රැදිවියන් බැලීමට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය පුද්ගලයින් හා කන්දකාඩු සිට ගාල්ල ට පැමිණි පුද්ගලයින් ඇතුළුව 251 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කොට ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය. එම පරීක්ෂණ වාර්තාවලට අනුව ඒ සියලුදෙනාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බවද හෙතෙම පවසයි.
ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා මේ පිළිබද අදහස් දක්වමින් මෙසේද කීවේය.
"කන්දකාඩු සිද්ධියට ආදාල ගාල්ල දිස්ත්‍රික්කය තුළ ආශ්‍රිතයින් 262ක් හදුනා ගත්තා.කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගොස් යලි පැමිණි අය රෝගියා ඇසුරුකළ අය හා ආශ්‍රිතයින් 50 දෙනෙකු හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තියෙනවා. කොරෝනා වයිරසය ආසාදනය වු උපදේශකවරයාගේ පළමු දෙවැනි හා තෙවැනිපෙළ ආශ්‍රිතයින් 160 දෙනෙකු හඳුනාගත්තා. ඉන් 128 දෙනෙකු ගෘහ ආශ්‍රිතව නිරෝධානය කිරීමට ලක් කරලා තියෙනවා. පී.සී.ආර් පරික්ෂණ 177ක් සිදුකළා. මෙකි උපදේශකවරයාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 25 දෙනෙකු දෙවැනි වතාවට ද පි. සි.ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තියෙනවා.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති උපදේශකවරයා 30 වැනදි තමයි ගාල්ලට පැමිණිලා තියෙන්නේ.11 වැනිදා තමයි පරීක්ෂණවලදි තහවුරු වන්නේ කොරෝනා අසාදනය වි ඇති බව. කෙසේවුවද ඔහු සුවය ලබා මේ වනවිට යලි නිවසට පැමිණි සිටිනවා. හබරාදුව ප්‍රදේශයේ මෙකි උපදේශකවරයාගේ සමීපතම ආශ්‍රිතයින් 16 දෙනෙකු ද්විතික ආශ්‍රිතයින් සමල 34 දෙනෙකු .පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළා කිසිදු අයෙකුට කොරෝනා ආසාදනය වී නැහැ.මීට අමතරව හබරාදුව ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා භටයින් 13 දෙනෙකු නැවත කදවුරට යාමට පෙර පී. සී.ආර් පරික්ෂණවලට ලක්කළා ඒ කිසිදු අයෙකුට කොරෝනා නැහැ. ගොනපිනුවල ප්‍රදේශයේ දි මෙකි උපදේශකවරයාගේ සමීපතම ආශ්‍රිතයින් 09 දෙනෙකු ඇතුළු 54 දෙනෙකු පී. සී.ආර් පරීක්ෂණවලට ලක් කළා. ඒ අයටත් කොරෝනා වැළඳී නැති බව තහවුරුවුණා.
එම ප්‍රදේශයේ 33 දෙනෙකු ගෘහ ආශ්‍රිතව ස්වයං නිරෝධායනයට ලක්කර තියෙනවා. රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ රෙදි වෙළදසැලක සේවකාවන් ඇතුළු ආශ්‍රිතයින් 21 දෙනෙකු, ඇල්පිටිය ප්‍රදේශයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියකු බැලිමට ගිය රියදුරකු ඇතුථ පවුලේ 06 දෙනෙකු, ගාල්ල නගරයේ වෙළඳසැළක සේවකයින් 07 දෙනෙකු ඇතුළු 24 දෙනෙකු පී. සී. ආර් පරීක්ෂණවලට ලක්කළා ඒ කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසදානය වි නොමැති බවට තහවුරුවෙලා තියෙනවා.
මීට අමතරව කන්දකාඩු ගිය බලපිටිය ප්‍රදේශයේ 09 දෙනෙකු, ඉදුරුවේ ආශ්‍රිතයින් 24 දෙනෙකු නියාගම 11 දෙනෙකු, වැලිවියේ 08 දෙනෙකු රාජංගන ප්‍රදේශයේ සිට පැමිණි 03 දෙනෙකු හා අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුල නාවික ආරක්ෂකයින් ඇතුළු 12 දෙනෙකු පී. සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී වී තිබෙනවා" යැයිද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යඥවරයා සදහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාල්ලේ 221ක් ස්වයං-නිරෝධායනයේ