(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණවල අද (26) දින විභාගයට ගැනීමට තිබූ සියලුම නඩු විභාගයට නොගෙන ඉදිරි දිනවලට කල්තැබීමට ගාල්ල නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි විනිසුරුවරු කටයුතු කළහ.
මෙවැනි තීරණයකට එළැඹ ඇත්තේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමිනි.
ඒ අනුව ගාල්ල මහාධිකරණය, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හා ගාල්ලේ දිසා අධිකරණ තුනක අද (26) දින කැඳවා තිබූ සියලු නඩු ඉදිරි දින සඳහා කල් තැබිණි.
ගාල්ල නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සමිත් ගාල්ලගේ මහතා කියා සිටියේ අද (26) සවස මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රැස්වීමක දී ඉදිරි දිනවල ගාල්ල උසාවි සංකීර්ණයේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි. ඒ සඳහා ගාල්ල නීතිඥ සංගමය ද සහභාගීවන බව ඔහු කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගාල්ල අධිකරණ සංකීර්ණයේ අධීකරණවල නඩු කල් දමයි