IMG-LOGO

ගලෙන්බිඳුණුවැව තවත් කොරෝනා පොකුරක්

(අතුල බණ්ඩාර)

ගලෙන්බිදුනුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පහළ දික්වැව ගම්මානයේ  පුද්ගලයන් 52කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එම ගම්මානය හුදකලා කළ බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

ගලෙන්බිදුනුවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ , මීට දින කිහිපයකට පෙර එම ගම්මානයේ නිවසක , සෞඛ්‍ය අංශ දැනුවත් නොකොට, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ද උල්ලංඝනය කරමින් පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගිවූවන් අතරින් පිරිසක් මේ කොරෝනා ආසාධිතයින් අතර සිටින බවයි.

පවුල් 250 ක පුද්ගලයන් 756 ක් පදිංචිව සිටින මේ ගම්මානයේ වැඩි දෙනකු ඥාතීන් බවත්, ඒ අතරින් 150 කට වැඩි පිරිසක් විවාහ මංගල උත්සවයට සහභාගිවී තිබෙන බවත් පොලිසිය කළ සොයා බැලීම් වලදී අනාවරණය වී තිබේ.

විවාහ මංගල උත්සවයට සහභාගිවූවන් අතරින් කිහිප දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා , ඉකුත් 30 වැනිදා ඔවුන්ගෙන් හයදෙනකු සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බවයි. ඉන් ඒ හය දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරුවීම නිසා, 31 වැනිදා තවත් ගම්වැසියන් 72 කක් තෝරාගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බවත් ඉන් 33 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරුවූ බවත් කි ඒ මහතා, ඒ අය අතර මනාලයා , මනාලිය සහ මනාලයාගේ මවද සිටින බව පැවසිය.

 



අදහස් (1)

ගලෙන්බිඳුණුවැව තවත් කොරෝනා පොකුරක්

මේඝ අනුරංග Monday, 02 August 2021 12:45 AM

වගකීම් තොරව කටයුතු කිරීම තුළින් සෑමදෙනාට ම අපහසුතාවය ට පත්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 29 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 31 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site