IMG-LOGO

ගලගෙදරින් ගම් 3 කට සංචරණ සීමා 

 
( මොහොමඩ්  ආසික්)
 
ගලගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹුරේගම ආශ්‍රිත ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් තුනක් සඳහා  සංචරණ සීමා පනවනු ලැබ තිබේ.

ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට  අයත් කුඹුරේගම, දිපලාගොඩ සහ ඈතමුල්ල යන ග්‍රාම නිළධාරි වසම් සඳහා මෙලෙස සංචරණ සීමා පනවනු ලැබ තිබේ.

මහනුවර බොක්කාවල  හරංකහව  මාර්ගයේ ගමන් ගන්නා  බස් රථ ඇතුළු වාහන මෙම සංචරණ සීමාවට ලක්ව ඇති ප්‍රදේශය තුල  නොනවත්වා ධාවනය කළ යුතු බවත් උපදෙස් ලබා දී තිබේ.

මෙයට අමතරව එම ප්‍රදේශයේ සියලු වෙළද සැල්ද වසා ඇති අතර පුද්ගලයින් 200 කට වැඩි පිරිසක්  ස්වයං නිරෝධායනයට ලක් කරනු ලැබ තිබේ.

නිරෝධායනයට ලක් වන පිරිස් නිරෝධායන නීති රැක ගනිමින් බාහිර සමාජයට විවෘත නොවී නිරෝධායනය වන ලෙසත් යම් කිසි රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට හෝ ග්‍රාම නිළධාරි මහතාට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය අංශ මෙන්ම පොලීසියත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

ගලගෙදරින් ගම් 3 කට සංචරණ සීමා 

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 23 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site