IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගම්පහ යළි කොරෝනා අවදානමක්

(තිලකරත්න දිසානායක)

කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු ඇති බවත් එම රෝගීන් රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පහ රෝහලේ දී කොරෝනා ආසාදිතයන් පස් දෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර මාස කීපයක් වසා දමා තිබූ කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු යළි ආරම්භ කර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි.

පසුගිය දිනවල  ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන්  කොරෝනා  පැතිරීමේ අවදානමක් පවතින බැවින් හදුන්වාදී ඇති සෞඛ්‍ය හුරු පුරුදු අනුගමනය කළ යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පෙන්වා දෙනු ලබයි.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගෙන් කළ විමසිමේදී සදහන් කර සිටියේ, ඉන්ප්ලුවැන්සා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම ඉතා වැදගත් බවත් ජනතාව වැඩි වශයෙන් සිටින ස්ථානයන්හි ගැවසෙන අවස්ථාවල මුව ආවරණ පැළඳීම සුදුසු වන බවත්ය.

 

 

 



අදහස් (0)

ගම්පහ යළි කොරෝනා අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 843 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2485 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site