IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24 කදී ආසාදිතයින් 492 ක්

( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 69 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් අද  (25) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 492 කු හදුනාගෙන තිබිණි. 

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරන අන්දමට ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මීරිගම කොට්ඨාසයෙන් - 64 ක්,  ජාඇල  - 53 ක්, මහර - 51 ක්, බියගම - 50 ක් , සීදූව - 41 ක්, කැලණිය  - 36 ක්,  අත්තනගල්ල - 34 ක්, වත්තල  - 27 ක්,  මිනුවන්ගොඩ - 24 ක්, දොම්පෙ  - 16 ක්, රාගම - 12 ක්,  මීගමුව සහ කටාන කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින්  - 6 දෙනෙකු බැගින් සහ දිවුලපිටිය තිදෙනෙකු වශයෙන් සිදුව ඇත. 

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ උදෑසන වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 60,967 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවද වෙබ් අඩවියෙහි සදහන්ය.

පැය 24 ක කාලය තුල ආසාදිතයින් 288 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති අතර කොරෝනා ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 165 දෙනෙකු රෝහල් ගත කොට ඇත.

නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 12,890 දෙනෙකි. 



අදහස් (0)

ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24 කදී ආසාදිතයින් 492 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 30 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site