( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (27) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 516 දෙනෙකු හමුව ඇත.
මින් 64 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ සහ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවාඅධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන්ආසාදිතයින් හමුවීම අත්තනගල්ල - 60 ක්, මහර - 50 ක්, ජාඇල - 47 ක්, සීදූව - 45 ක්, වත්තල - 39 ක්, කැලණිය - 36 ක්, මීගමුව - 29 ක්, මීරිගම - 21 ක්, මිනුවන්ගොඩ - 19 ක්, දොම්පෙ - 17 ක්, රාගම - 15 ක්, දිවුලපිටිය - 9 ක් සහ කටාන එක් අයෙකු වශයෙන් සිදුව ඇත.
ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24 ක් තුල ආසාදිතයින් 285 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 146 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,328 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සංඛ්‍යාව 3,27,363 දෙනෙකි.
2025 නොවැම්බර් මස 17
29
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 516ක්