IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගැමුණු අර්ධ සුඛෝපභෝගී බස් අහෝසි කරන්නයි ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව වහා අහෝසි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

මේ වනවිට අර්ධ සුඛෝපභෝගී බස්රථ 483 ක් ඇති බවත් ඒවා ආසන ගණනට මඟීන් ගෙන යන අතර ඒ සඳහා ප්‍රවේශ පත්‍රයකට සාමාන්‍ය ගණන මෙන් එකහමාරක් අය කරන බවත් පෙන්වා දුන් විජේරත්න මහතා මේ වනවිට සාමාන්‍ය සේවාවන් හි බස්රථ ද ආසන ගණනට පමණක් මගීන් ගෙන යන බැවින් එකම සේවාව ගෙන යන බස්රථ සේවාවන් දෙකකට ප්‍රවේශපත්‍ර මිල ගණන් දෙකක් තිබීම විශාල අසාධාරණයක් බවත් කියා සිටියේය.

එම අර්ධ සුඛෝපභෝගී සේවාව අහෝසි කරන ලෙස ඉල්ලා සිටින්නේ මේ නිසා යැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාට හා විෂය භාර අමාත්‍යවරයාට ලිඛිතව දන්වා යැවූ බව ද විජේරත්න මහතා පැවසීය.

විජේරත්න මහතා මේ අදහස් පළ කළේ නුගේගොඩ පිහිටි එම සංගම් කාර්යාලයේ දී අද14* පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තව දුරටත් අදහස් දැක්වූ විජේරත්න මහතා බස්රථවලට හා ත්‍රිරෝද රථවලට ලබා දුන් කල්බදු පහසුකම් සහනය ලීසිං ලබාගෙන ඇති අනෙක් සියලු වාහනවලටත් මාස තුනකට හෝ ලබා දෙන්නැයි ද ඉල්ලා සිටියේය.

බස්රථවලින් සියයට 40 ක් ලබාගෙන ඇත්තේ ලීසිං මත බවත් බස්ල ත්‍රිරෝද රථල ඇතුළු ලීසිං මත ලබාගත් විවිධ වාහන ලක්ෂ 10 කට වඩා රට පුරා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

කොවිඞ් වසංගතය හේතුවෙන් බස්රථ ධාවනය ඇන හිටීම හා බස්රථවල මගීන් සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් මේ වනවිට රුපියල් බිලියන 15 කට ආසන්න ප්‍රමාණයක පාඩුවක් බස් හිමියන් ට සිදුව ඇතැයි ද විජේරත්න මහතා පැවැසීය.

පවතින තත්ත්වය යටතේ බස් ගාස්තු වැඩිකිරීමට ඉල්ලා සිටින්නැයි තමන්ට බස්හිමියන්ගෙන් දැඩි පීඩාවක් එල්ල වෙමින් පවතින බව ද සභාපතිවරයා කීය.

මේ අතර මාර්ග බලපත්‍රය ඇපයට තබා ගනිමින් බස් හිමියන්ට ලබා දීමට තීරණය කර ඇති ලක්ෂ 3 ක ණය මුදල පළක් නැති ණයක් යැයි කී විජේරත්න මහතා සමහර මාර්ග බලපත්‍ර රුපියල්  ලක්ෂ 3ක් නොවටිනා බැවින් එවැනි බලපත්‍ර මේ ණය මුදල සඳහා වළංගු නොව බව ද මේ නිසා එමණය මුදල බොහෝ දෙනෙකුට පලක් නොවන බවද පෙන්වා දුන්නේය.



අදහස් (7)

ගැමුණු අර්ධ සුඛෝපභෝගී බස් අහෝසි කරන්නයි ඉල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 14 June 2020 09:38 AM

බස්ගැමුණු මහතාගේ අදහස ගැන විමසා බැලුවහොත්, මේ අර්ධ සුඛෝපභෝගී බස් වලින් කෙරෙන්නෙත්, අනෙක් වශයෙන්ම වෙන දේ.. එකම ජාතියේ ඉන්දියානු ලොරි චැසිවලට බස් බොඩි තබපුවා. තිර රෙදි කෑලි ටිකක් දා තිබෙනවා. ඒවත් දූවිලි වැදිලා. බුලත් කන මගීන් කෙළ පිසිනවා මා දැක තියෙනවා. අප්පිරියාවේ බැහැ. ඒ නිසා මේ බස්වලට වැඩිපුර මුදලක් දීම නොකළයුතු දෙයක්. ලීසින් වැඩේට සහනයක් දිය යුතුයි. පව්.. ඒත්, කටකපලා, බුරුතු පිටින් මගී හිංසනය කරනා ගමන් පොල් පටවන්නා සේ ගෙනියාමට නොලැබීම ගැන හිතේ දැඩි දුකක් ඇති බව පේනවා...

:       0       209

විජිත් Sunday, 14 June 2020 10:40 AM

සමිත, ඔයාට මතකද අපි චූටි කාලේ තිබුණු CTB බස් ගැන... ඒ ගැන මතක් කරන්නත් ආසයි. කොන්දොස්තර මහත්තයාට මම කතාකරන්නේ මාමේ කියලා. මොකද දන්නවද ඒ කාලේ බස් එකේ බෙල් එක ගහන්න අදින කේබල් එක අදින්න මට උස නැහැ. මට අවුරුදු 10ක් විතර ඇති.. ඉතින් මම බහින තැන කිට්ටු වුණාම කොන්දොස්තර මාමට කියනවා. එයා ඇඳලා හිටියේ කාකි පාට කෝට් එකක්... එයාගේ අතේ තිබුණු ටිකට් මැෂින් එක මට ඒ කාලේ ලොකු ගැජට් එකක්... ඉස්කෝලේ යද්දී අපිට සීසන්, පාසල් බස් එකේ අන්තිම සීට් එකේ එහා මුල්ලේම සීට් එක මගේ... මගේ යහළුවෝ එ්ක මට වෙන්කරගෙනම ඉන්නවා. හරිම සුන්දරයි... ඩ්‍රයිවර් මාමත් හරිම නිමිච්ච කෙනෙක්... මේ දැන් ලංකාවේ තියෙනවා වගේ " බස් රේස් " නැහැ. හැබැයි.. අපේ පාසල් බස් එක ගැහැණු ළමයින්ගේ පාසල් බස් එකට කිට්ටු කරන්න කියලා අපි නිතරම ඩ්‍රයිවර් මාමාට කන්කෙඳිරි ගානවා.. ඩ්‍රයිවර් මාමාවත්, කොන්දොස්තර මාමාවත් කවදාවත් මගීන්ට හිත් රිදෙන විදිහට කතාකරන්නේ නැහැ. දැන් කාලේ වගේ මිනිස්සුන්ගේ ඉතිරි සල්ලි නොදී, කුණුහරුපෙන් බැනලා, බෙල්ලෙන් අල්ලලා එළියට විසිකරන අසික්කිත කොන්දොස්තරවරු ඒ කාලේ CTB බස්වල හිටියේ නැහැ. ප්‍රයිවට් බස් සංස්කෘතිය ආව ගමන් ඒ සියල්ල නැතිවුණා..

:       0       200

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 14 June 2020 12:09 PM

ඔව් විජිත් හොඳට මතකයි. මට හිනා යන මතකේ ඇති දෙයක් මතක් වුණා.. රියැදුරු අසුනේ පිටුපස මෙහෙම කවි පද දෙකක් තීන්තෙන් ලියා තිබුණා. එය බස් ඩිපෝවේ වැඩක්. " පදවන විටදී බස්රිය ඒ ගැනම සිතා ... නොකරණු මැනවි ! රියදුරු තැන සමග කතා" ... යනුවෙන් තුබූ මේ පද දෙක ළමයි සැමගේ සිත් ගත්තා ... ටික දවසකින් දෙවැනි පදය " නොකරනු මැනවි රියදුරනි කතා" යනුවෙන් එය ළමයින් විසින් වෙනස් කොට තිබුණා. පසුව රියදුරා ළමයින් දෙස නොරිස්සුම් බැල්මක් දාගෙන බසයට නඟිනවා. අපට හරියට හිනා. ඒත්, ඒ කාලයේ ඔවුන්ගේ තිබුණු හික්මීම ළමා අපට බැන්නේ නැහැ. ඒ විදිහට කවිය දිගටම තිබුණා. අප හැමදාම හිනාවෙනවා. අහිංසක ළමා කාලය ගැන ඒ අයට හොඳ වැටහීමක් තිබුණා.

:       0       48

kamal Sunday, 14 June 2020 09:58 AM

කරුණාකර ගැමුණුතුමා කියන විදිහට රට පාලනය කරන්න. රටේ මහජනතාවට අවශ්‍ය විදිහට රට පාලනය කිරීමට අවශ්‍ය නැත.

:       250       106

දිමුත්Monday, 15 June 2020 04:49 AM

මෙතනදී ගැමුණු කියන දේ හරි. පාලකයින් දැනගන්න ඕනේ ඒවා ක්‍රියාත්මක කරන්න.

:       0       8

Bamunuarachchi Monday, 15 June 2020 01:51 AM

හලෝ මොකද කලබල අර්ධ සුඛෝපබෝගී බස්වල වාඩිවෙලා ගියාට ගාස්තුව වැඩියි. ඔබලාගේ බස්වලත් වාඩිවෙලා පමණක් නම් යන්නේ ගාස්තුවත් අඩුනම් අනිවාර්යයෙන්ම මිනිස්සු ඔබලාගේ බස්රථවල නගිනවා. හැබැයි අර්ධ සුඛෝපබෝගි බස්වල වෙනත් පහසුකම් තිබෙනවා නම් ඒ බස්වල මිනිස්සු යනවා...

:       20       0

සුජිත් Monday, 15 June 2020 05:46 AM

එකම වෙලාවට අර්ධ සුඛෝපභෝගී හා සාමාන්‍ය බස්රථ ධාවනය වන්නේ නෑ. අර්ධ සුඛෝපභෝගී බස් රථය මග හැරියොත් සාමාන්‍ය බස්රථයක් එනකම් තවත් වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site