IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගත වූ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 612 ක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ 612 දෙනෙකු වන වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

මින් වත්තල කර්මාන්ත ශාලාවකින් හමුවූ ආසාදිතයින්ද සමග 173 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇත.

දිස්ත්‍රික්කයෙහි සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ආශ්‍රිතව අද උදෑසන වනවිට ගතවූ පැය 24 තුල ආසාදිතයින් හමුවීම , බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්  - 65 දෙනෙකු , මහර  - 58 ක්,  කැලණිය  - 45 ක්,  අත්තනගල්ල  - 43 ක්,  මීරිගම  - 36 ක්, දිවුලපිටිය  - 35 ක්,  මිනුවන්ගොඩ  - 34 ක්,  දොම්පෙ  - 28 ක්,  ජාඇල  - 24 ක්,  කටාන  - 25 ක්, ගම්පහ  - 20 ක්,  සීදූව  - 16 ක්, රාගම  - 11 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් තිදෙනෙකු වශයෙන් හමුව ඇත.

මෙම ආසාදිතයින් වාර්තාවීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ  සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ අනුව 551 දෙනෙකු සහ රෝහල් ආශ්‍රිතව සිදු කළ පරීක්ෂණ අනුව 61 දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ ආයෝජන කලාපයන්ට අයත් නොවන කර්මාන්තශාලා ආශ්‍රිතවද වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති අතර එය 139 දෙනෙකි.

අද උදෑසන වනවිට දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 48,028 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,503 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

දිස්ත්‍රික්කයෙහි පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,09,624 දෙනෙකි.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ගත වූ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 612 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 889 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site