IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගත වු පැය 24 දී බියගමින් ආසාදිතයින් 74 ක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන්  අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ74 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 518 දෙනෙකු හමුව ඇති අතර අද උදෑසන වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41,947 දෙනෙකු හමුව ඇති බව එහි සදහන්ය. 

පැය 24 තුල දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ආශ්‍රිතව අද උදෑසන වනවිට ආසාදිතයින්  හමුවීම මහර කොට්ඨාසයෙන්  - 63 දෙනෙකු,  ජාඇල  - 53 ක්,  අත්තනගල්ල  - 52 ක්,  මීරිගම  - 48 ක්,  කටාන  - 46 ක්,  ගම්පහ  - 43 ක්,  දොම්පෙ  - 42 ක්,  මිනුවන්ගොඩ  - 28 ක්,  සීදූව  - 27 ක්,  දිවුලපිටිය  - 14 ක්,  කැලණිය  - 12 ක්,  වත්තල  - 8 ක්,  මීගමුව  - 5 ක් සහ රාගම - 3 දෙනෙකු වශයෙනි.

ආසාදිතයින්  518 දෙනා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15 මගින්  ක්ෂේත්‍රයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවන්හිදීද , රෝහල්වලදී සිදු කළ පරීක්ෂණ මගින් 25 දෙනෙකු වශයෙන් හමුව ඇත.

ගතවූ පැය 24 ක් තුල කටුනායක වෙළඳ කලාපය ආශ්‍රිතව ආසාදිතයින් 33 දෙනෙකු හමුව ඇති බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,102 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය. 

අද වනවිට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2,96,961දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට තිබිණි. 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ගත වු පැය 24 දී බියගමින් ආසාදිතයින් 74 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site