IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගතවූ 24 පැය තුළ මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 554ක්

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ගත වූ පැය විසි හතරක් තුළ නව ආසාදිතයන් 554 දෙනකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50,733 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 27 වැනිදා වන විට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25,224 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11,417 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14,313 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී තිබේ.

ගෙවී ගිය පසුගිය පැය 24 ක කාලය තුළ මධ්‍යම පළාතෙන් හඳුනාගත් නව ආසාදිතයන් 554 දෙනාගෙන් ආසාදිතයන් 287 දෙනකු මහනුවරින් ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 184 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 83 දෙනකු වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.

මේ අතර මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 1364 ක් 27 වනදා දක්වා වාර්තා වී තිබිණ.

 



අදහස් (0)

ගතවූ 24 පැය තුළ මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 554ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site