IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ ඇඳිරියෙන් සිරවුවන්ට ⁣බෙදන්න එළවළු කිලෝ ලක්ෂ එකහමාරක් හමුදාවට

( කාංචන කුමාර ආරියදාස)

කොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවළු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික මහතෙකු අද 20 දින කටයුතු කළේය.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමක් පරිදි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ පී .ජි . එස් .පියසේන ගමගේ ව්‍යාපාරික මහතා තම පෞද්ගලික ධනයෙන් මෙලෙස එළවළු කිලෝ 150,000 ක ප්‍රමාණයක් සිය ව්‍යාපාරිකයන් ගේ සහයෝගය ඇතිව මිලදීගෙන යුධ හමුදාව වෙත බාර කිරීම සිදු කෙරිණි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ 19 දින රාත්‍රියේ සාකච්ඡාකොට එළවළු මිලදී ගැනීම ආරම්භ කළ බවත් මෙම හේතුවෙන් විශාල වශයෙන් පහළ ගොස් තිබූ එළවළු මිල ද යම් මට්ටමකින් ඉහළ ගිය බවද එළවලු විකුණා ගැනීමට නොහැකිව අසරණ වී සිටි ගොවීන්ට මෙන්ම එළවලු ලාබාගැනීමට නොහැකිව සිටින ජනතාවට සහනයක් ලෙස මේ කටයුතු සිදුකල බව හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එළවළු පැටවීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය.

පියසේන ගමගේ මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් මෙම එළවළු කිලෝ 150000 ක ප්‍රමාණය වෙළෙඳ සංගමයේ සාමාජිකයන් විසින් ලබාගෙන දඔුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයට රැගෙන ගොස් යුද හමුදාව වේ වාහන වලට ඒවා පැටවීම සිදු කරනු ලැබූහ.

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ හතරවෙනි සේවා බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් කපිල නොල්ටන් මහතා කියා සිටියේ වීයාපාරික මහතා විසින් පරිත්‍යාග කළ එළවළු කිලෝ 150000 ක ප්‍රමාණය කොළඹ මූලස්ථානයට රැගෙන ගොස් කොළඹ අවට ප්‍රදේශ වල ඉන්න ජනතාවට යුද හමුදාව හරහා නොමිලේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් එළවළු තොග මිල පහත වැටී මිලදී ගැනීමට පිරිස් නොමැතිව සිටින අවස්ථාවක ලැබුණු එළවළු තොග වලින් කිලෝ 150000 ප්‍රමාණයක් මිලදී ගැනීම හේතුවෙන් අනෙකුත් එළවලු ද්‍රව්‍ය ද යම් මට්ටමකින් ඉහළ ගොස් ගොවියාට සාධාරන මිලක් හිමිවීම විශේෂත්වයකි.

එළවළු මිලදී ගෙන යුද හමුදාව වෙත පරිත්‍යාග කිරීමේ කටයුත්ත සිදු කළ පියසේන ගමගේ ව්‍යාපාරික මහතා අදහස් දක්වමින් කියා සිටියේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තමාගෙන් කළ ඉල්ලීම අනුව ව්‍යාපාරිකයෙකුගේ යුතුකම වගකීම තමා ඉටුකළ බව ය.



අදහස් (2)

කොළඹ ඇඳිරියෙන් සිරවුවන්ට ⁣බෙදන්න එළවළු කිලෝ ලක්ෂ එකහමාරක් හමුදාවට

M. R. Deen Monday, 20 April 2020 11:59 AM

ඉතාමත් උතුම් සත්ක්‍රියාවක්...

:       0       0

Champa Monday, 20 April 2020 12:39 PM

හොඳ වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site