(නිමන්ති රණසිංහ)
කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට දි පැයකට දළ වශයෙන් නවදෙනකු මිය යන බව දෛනික කොවිඩ් මරණ වාර්තාවලින් තහවුරු වී තිබේ.
මෙරට කොවිඩ් වයිරසය ආරම්භයෙන් පසු ප්‍රථම වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පෙරේදා (25) 200 සීමාව පසු කළේය.
ඒ අනුව, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (25) දින තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 209 ක් වන අතර සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157කි.
මෙරටදී සිදුවූ සමස්ථ කොවිඩ් මරණ අතුරින් වැඩිම පිරිස වාර්තා වන්නේ වයස අවුරුදු 60 වැඩි අයවලුන්ය.
ඉකුත් අගෝස්තු මස 16 වැනිදා සිට පෙරේදා (25) දක්වා දින 10ක කාලයේදී වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1, 894ක් වන අතර, එම කාලය තුළ දළවශයෙන් පැයකට කොරෝනා මරණ හතක් හෝ අටක් වශයෙන් සිදුවී ඇති බවට වාර්තාවලින් තහවුරු වී තිබේ.
කොරෝනා පළමු රැල්ලෙන් 13 දෙනකු, දෙවැනි රැල්ලෙන් 596 දෙනකු, සහ තුන්වැනි රැල්ලෙන් 7548 දනකු වශයෙන් අද (27) වන විට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157ක් ලෙසින් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොවිඩ් ආසාදිතව පැයකට නවදෙනකු මියයයි