IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්

(ඩයනා උදයංගනී)

මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ගතවූ සති දෙකක පමණ කාලයේදී වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව ද පැහැදිලි වේ.

මෙරට කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමෙන් පසු පසුගිය මාසය පමණ තෙක් දිනපතා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 10කට අඩු සංඛ්‍යාවක් දක්වා පහළ ගොස් තිබුණත් මේ වන විට දිනපතා ආසාදිතයින් 15 - 25 අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදිතයන් 19 ක් ඊයේ (14) දිනයේදී වාර්තා වී ඇති අතර 13 වැනිදා ආසාදිතයන් 23ක්, 11 වැනිදා 19ක් සහ කොවිඩ් ආසාදිත මරණ 1ක්, 10 වැනිදා ආසාදිතයන් 17ක්, 9 වැනිදා 21ක්, 8 වැනිදා 18ක්, සහ 7 වැනිදා ආසාදිතයන් 20ක් සහ මරණයක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවල දැක්වේ.

කොවිඩ් ආසාදිතයන් 393 දෙනෙක් ඊයේ (14) වන විට රෝහල් සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම වාර්තාවල සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ මේ වන විට එහි කොවිඩ් ආසාදිතයන් 24 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

පසුගිය කාලයේ රෝහලේ ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1ත් 4ත් අතර සංඛ්‍යාවක් දක්වා පහළ ගොස් තිබූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් 6 දෙනෙකුට පමණ ද පසුගිය දිනවල කොවිඩ් ආසාදනය විය.



අදහස් (2)

කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්

Covid Friday, 15 July 2022 04:38 PM

ඒ කියන්නේ ඔය පෙළපාලි ගිය අයටත් හැදෙයිද? මොකද ඒ අය නිතරම කටවල් ඇරගෙන කිය කිය හිටියේ..! "ගෝඨා-ගෝ-හෝම්" කියලා.. ඉතින් මගේ දෙයියෝ ගිය ගමන්ම රට ආරක්‍ෂා කරන්න... " කෝවිඩ්-කේම්-හෝම් " එව්වා !!

:       4       8

jayasekara Saturday, 16 July 2022 10:45 AM

හැදුණොත් බේරගන්න කවුරුත් නැතෝ... අරගල කරලා හමුදාවට මූණට කෙළ ගහලා බැන්න අයත් බේරගන්න ඉන්නේ හමුදාවම තමයි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදෙයි වගේ ළඟදිම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 843 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2485 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site