IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට මාර්ගෝපදේශන මාලාවක්

(විනීතා එම් ගමගේ)
  
කොවිඩ් 19 සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී ඇත.
        
භාවිතා කර ඉවත ලන මුඛ ආවරණ විශාල වශයෙන් පරිසර ප්‍රශ්නයක් ඇති කළ හැකි බැවින් මෙන්ම එම ඉවත ලූ මුඛ ආවරන මඟින් කොවිඩ් 19  වයිරසය යළි පරිසරයට එකතු විය හැකි බැවින් ඒවා බැහැර ලීම ඇතුළු සායනික අපද්‍රව්‍ය ඉවතලීමේ මාර්ගෝපදේශන හඳුන්වා දීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.

විශේෂයෙන් මුඛ ආවරන ඉවතලීමේ දී ඒවා ජලය  සමග එක්ව යළි මිනිස් ශරීරවලට එක්වීමට ඇති හැකියාව විශාල බවත් මේ සම්බන්ධව ඉක්මණින් යම් පියවරක් ගත යුතු බව පරිසර විද්‍යාඥයින් හා කළ සාකච්ඡාවක දී දැඩි ලෙස  ඔවුන් අවධාරණය කළ  බවත් අමරවීර මහතා කීය.

කොවිඩ් 19 ආසාදිතයින් හා නිරෝධායනයට ලක්වන පුද්ගලයින් විසින් ඉවතලන මුඛ ආවරණ කහ පැහැති බෑගයකට දමා ඉවත් කිරීම දැනටමත් අනිවාර්ය කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒවා ප්‍රතිචක්‍රිකරණය නොකර විනාශකර දමන්නැයි පළාත් පාලන ආයතනවලට දැනුම් දී ඇතැයි ද කීය.

කෙසේ වෙතත් ඉවතලන අත්වැසුම් හා මුව වැසුම් සබන් යොදා පිරිසිදු කර ඉවත ලන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

කොරෝනා සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට මාර්ගෝපදේශන මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14031 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site