IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා මර්දනයට අන්නාසිවලින් ඖෂධයක්

 

අන්නාසි යොදාගනිමින් ‘කොවිඩ්-19’ වයිරසය මර්දනය කළ හැකි ප්‍රතිකර්මයක් සොයාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් මේ වනවිට අත්හදා බැලීම් කරමින් සිටිති.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සොයාගෙන සංවර්ධනය කෙරුණු ඖෂධයක් තවදුරටත් සංවර්ධනය කර මෙලෙස නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි ප්‍රතිකර්මයක් ලෙස භාවිත කිරීම කෙරෙහි එම පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශාන්ත ජෝර්ජ් රෝහලේ පිළිකා පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ඩේවිඩ් මොරිස් ඇතුළු පිරිසක් මෙම අත්හදා බැලීම්වල නිරත වෙති.

අන්නාසිවල තිබෙන එන්සයිමයක් භාවිත කර පිළිකා සඳහා ඉහත කී ඖෂධය නිෂ්පාදනය කර ඇත. ‘කොවිඩ්-19’ වයිරසය මානව සෛලවලට ආසාදනය වීම සඳහා භාවිත කෙරෙන (යොදාගැනෙන) ප්‍රෝටීන (ස්පයික් ප්‍රෝටීන්ස්) දිය කර හැරීමට අන්නාසිවල තිබෙන එම එන්සයිමයට හැකියාව ඇතැයි පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව අන්නාසිවල තිබෙන එම එන්සයිම භාවිත කරමින් එය නාසයට ඉසින දියරයක් ලෙස සැකසීමට මෙම පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ තුළින් වයිරසය නාසයෙන් උගුරටත් ඉන් අනතුරුව පෙනහළුවලටත් ආසාදනය වීම වැළැක්වීමට අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් වන අත්හදා බැලීම් ‘රෝයල් මෙල්බර්න්’ රෝහලේදී කිරීමට නියමිතව ඇත.

අන්නාසිවල තිබෙන මෙම එන්සයිමය ‘බ්‍රොමලේන්’ නමින් හැඳින්වේ. මෙම එන්සයිම භාවිත කරමින් දැනටමත් විවිධ ඖෂධ සඳහා යොදාගන්නා අතර ප්‍රතිකාර ක්‍රම සඳහා භාවිත කෙරේ. ඊට අමතරව පිළිස්සුම් තුවාල ලබන රෝගීන්ට ප්‍රතිකාර සඳහා ද මෙම එන්සයිමය භාවිත කෙරේ.

අන්නාසිවල තිබෙන එන්සයිමය භාවිත කරමින් සංවර්ධනය කර තිබෙන ඖෂධය ‘බ්‍රොම්.ඒ.සී.’ යනුවෙන් හැඳින්වෙන අතර එය යොදාගනිමින් පිළිකා රෝගීන් 36 දෙනකුට ද ප්‍රතිකාර කර ඇත. එයින් මනුෂ්‍යයන්ට කිසිදු හානියක් නැති බව ‘ද හෙරල්ඩ් සන්’ පුවත්පත පසුගිය දිනෙක වාර්තා කර තිබිණි.

‘‘අපි මෙම ඖෂධය සම්බන්ධයෙන් වසර ගණනාවක සිට අත්හදා බැලීම් කරනවා. ‘කොවිඩ්-19’ ආසාදිත රෝගීන්ට මේ ඖෂධය භාවිත කර ප්‍රතිකාර කළ හැකි දැයි අපි මේ වනවිට පර්යේෂණ කරනවා’’ යැයි මහාචාර්ය ඩේවිඩ් මොරිස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘මේ ඖෂධය කොරෝනා වයිරසය පාලනය කිරීමට සමත් බව අපි දැනට කර තිබෙන පර්යේෂණවලින් තහවුරු වුණා. නව කොරෝනා වයිරසය අනෙකුත් සෛලවලට ආසාදනය වීම වැළැක්වීමට අන්නාසිවල තිබෙන එන්සයිමයට හැකියාව තිබෙන බව විශේෂයෙන්ම විද්‍යාගාර පරීක්ෂණවලින් ලැබුණු ප්‍රතිඵලවලින් තහවුරු වුණා’’ යැයි මෙතෙම පැවැසීය.

‘‘වයිරසය නාසයෙන් උගුරටත් ඉන් අනතුරුව පෙනහළුවලටත් ආසාදනය වීම වැළැක්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා’’ ඔහු කීය.

මෙය එන්නතක් නොවන බවත් වයිරසය ආසාදනය වීමෙන් වැළැකීමට හෝ ඊට ප්‍රතිකර්මයක් ලෙස භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් එම පර්යේෂකයෝ තවදුරටත් පෙන්වාදුන්හ.

(ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඇසුරිනි)

055



අදහස් (0)

කොරෝනා මර්දනයට අන්නාසිවලින් ඖෂධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site