(ජේ.කේ.එල් චාමින්ද)
අක්මීමන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොරෝනා වසංගතය මැඩ පැවැත්විම සදහා රුපියල් ලක්ෂ 20ක මුදලක් අද (26) පැවති ප්‍රාදේශිය සභා විශේෂ රැස්විමේ දි අනුමත කළ බව අක්මිමන ප්‍රාදේශිය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතා පවසයි.
කොරෝනා වසංගත තත්වය පිළිබද සාකච්ඡා කිරිම සදහා අද විශේෂ ප්‍රදේශිය සභා රැස්විමක් ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
ඉදිරියේ පවතින තත්වය සැලකිල්ලට ගෙන සභා අරමුදලේ ඇති ඕනැම මුදලක් ලබා ගැනිම සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය හිමිවු බවද ප්‍රාදේශිය සභා සභාපතිවරයා සදහන් කළේය.
මේ සදහා ප්‍රාදේශිය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කළ බවද සභාපතිවරයා පවසයි.
එහිදි සභාපතිවරයා මෙසේ පැවසිය.
'ඉදිරියේ දි සහන මිලට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් ලබාදිමට සැලසුම් කර තියෙනවා. මිට අමතරව ප්‍රාදේශිය සභාව මගින් අක්මිමන මැලිබන් රෝහල විෂබිජහරණයට ලක්කිරිමට කටයුතු කළා. බල ප්‍රදේශයේ සියලු රාජ්‍ය ආයතන විෂබිජහරණය කළා . අක්මිමන පොලිසියේ රිමානඩ් සිරමැදිරිය පවා සේදිමට කටයුතු කළා.'
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
888
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා මඩින්න අක්මීමන සභාවෙන් ලක්ෂ 20ක්