IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොරෝනා පරීක්ෂණයට පෞද්ගලික රෝහල් සඳහා කොන්දේසි සහිත අවසර

 (ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය  වැළදී ඇත්දැයි සිදු කෙරන  පී.සී.ආර් පරීක්ෂණය සඳහා   පෞද්ගලික  ‍රෝහල්වලට   ඉඩ ලබා දෙන බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (18) පැවසීය.
 
එම අවස්ථාව  ලබා දෙනුයේ කොන්දේසි මත බවද අනිල් ජාසිංහ මහතා කීවේය.

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  අනිල් ජාසිංහ මහතා මේ බව  කීවේය.

 
 



අදහස් (4)

කොරෝනා පරීක්ෂණයට පෞද්ගලික රෝහල් සඳහා කොන්දේසි සහිත අවසර

අතුල සවුදි Wednesday, 18 March 2020 11:42 AM

මූලික කොන්දේසිය විය යුත්තේ අය කරන මුදල පිළිබඳවයි. ගිය සතියේ මම කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට කතාකළා... මේ සම්බන්ධව. රු.17,500/= ක් කිව්වා . රිපෝර්ට් එක දවස් 3කින් කිව්වා. ඒ වගේම රජයෙන් තවම අනුමැතිය ලැබුනේ නැහැ කිව්වා.. ලඟදීම ඒක ලැබෙනවා කිව්වා. එතකම් රිපෝර්ට් එක දෙන්න බැහැ කියලත් කිව්වා...

:       0       0

Bamunuarachchi Wednesday, 18 March 2020 12:18 PM

අසාධාරණ ලෙස මුදල් අය කිරීමට ඉඩදෙන්න එපා...

:       0       0

de silva Thursday, 19 March 2020 07:47 AM

දැන් ජාසිංහ මහත්මයා රූපවාහිනියේ කිව්ව කොරෝනා පරීක්ෂණය පුද්ගලික අංශයට කියලා කරවාගන්න පුළුවන්... උපරිම මිලකුත් නියම කළා. රුපියල් 6000ක් පැය 24ක් තීරණය දැනුම් දෙන්න ඕනේ කියලා කිව්වා. මේ වැඩේ පසුගිය කාලේ ලංකාවට අාපු මගීන්ගෙන් කැමති කෙනෙකුට ගුවන්තොටුපලේදීම මුදල් ගෙවලා කරගන්න අවස්ථාව දුන්නා නම්.., හැමෝටම විශාල පහසුවක් නේද? මෙවැනි දේවල් මොකද කලින් තීරණය නොකළේ..? එතකොට මේ මනුෂ්‍යයින් ගමේ ගියාම සති දෙකක් බයේ ගැහිගැහී ඉන්න අවශ්‍ය නැහැ නේද?

:       0       0

de silva Thursday, 19 March 2020 08:27 AM

කරුණාකර දැන්ම ප්‍රමාද නොකර රෝගලක්ෂණ නොමැති වුනත් පසුගිය කලේ ඉතාලියේ, ඉරානේ, දකුණු කොරියාවේ සහ ජර්මනියේ ඉඳන් ලංකාවට පැමිණි කැමති කෙනෙකුට පුද්ගලික ආයතන මගින් මුදල් ගෙවල මෙම පරීක්ෂණය කරගන්න අවස්ථාව දෙන්න , ඉතාලියෙන් ජර්මනියෙන්, කොරියාවෙන් පැමණි පුද්ගලයන් ස්වේච්චාවෙන්ම මෙම පරීක්ෂණ කරව ගනීවි. ඔවුන්ට රුපියල් 6000 ලොකු දෙයක් නොවේ , එවිට රෝගීන් සොයාගතහොත් වහාම ඔවුන්ට ප්‍රතිකාර කිරීම සහ වටේ සිටි මිනිසුන් නිරෝධනයට යොමු කිරීම කළහැක . ප්‍රමාද කරන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site