නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇතැයිද ඔවුන් සති 12කට ආසන්න කාලයක් නිවෙස්වලට වී සිටිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය රජය පවසයි.
රුධිර පිළිකා, අවයව බද්ධ කිරීම් යනාදී කාලයක් තිස්සේ පවතින රෝගාබාධවලින් පෙළෙන පිරිස්වලට කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇතැයිද එම නිසා ඔවුන්, ඔවුන්ව ආරක්ෂා කරගැනීම සඳහා වැඩි කාලයක් නිවෙස්වලට වී සිටිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරිහු උපදෙස් දී ඇත.
"ජනතාව නිවසට වී සිටිය යුතුයි. ජාතික සෞඛ්‍ය සේවය ආරක්ෂා කරගැනීමටත් අපි සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කරගැනීමට මේ ක්‍රියාමාර්ග ගත යුතුයි" බ්‍රිතාන්‍යයේ ප්‍රජා කටයුතු පිළිබඳ අමාත්‍ය රොබට් ජෙන්රික් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
"අපි මේ ඉල්ලීම කරන්නේ වැඩිම අවදානමක් තියෙන පිරිසටයි. වැඩිම අවදානමක් ඇති පිරිස වැඩිපුර පියවරක් ගන්න ඕනේ. ඔවුන් ඔවුන්ව ආරක්ෂා කරගන්න වුවමනායි. වැඩිපුර අවදානමක් තියෙන පිරිස අමතර ක්‍රියාමාර්ග ගන්න ඕනෑ" යැයි ද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා වයිරසය ආසාදනය වීමට වැඩි ඉඩක් හා අවදානමක් ඇති බ්‍රිතාන්‍ය වැසියන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් එරට ප්‍රජා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කර තිබිණි.
"වැඩි අවදානමක් ඇති හෝ අවදානම් කණ්ඩායම්වලට අයත් පිරිස සෞඛ්‍ය සේවය මඟින් සම්බන්ධ කරගන්නවා. ඔවුන්ට විශේෂඥ සහාය හා උපදෙස් ලබාදෙනවා. ආසන්න වශයෙන් සති 12ක් යනතුරු හෝ නිවෙස්වලට වී සිටින්නැයි අපි ඔවුන්ට දැඩිව අවවාද කරනවා" යැයි එම නිවේදනයේ දැක්විණි.
මේ සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙන බවත් ඖෂධ හා නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය නිවසටම ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකසන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හදුනා ගනි