IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 21 දක්වා ඉහළට

( ඩයනා උදයංගනී)

කොරෝනා වයිරසය ආසාදිත තවත්  ශ්‍රි ලාංකික  පුද්ගලයින්  තිදෙනකු පිළිබඳව  අද ( 16)  තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා  පැවසීය.

වයස අවුරුදු 13 ක ගැහැණු දරුවකු සහ අවුරුදු 50 ඉක්ම වූ පිරිමි පුද්ගලයින් දෙදෙනකු ඊට අයත් වේ.

මේ වන  විට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21 කි.

මේ වන විට ඔහු අයිඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවද අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

 ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදි සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසූවේය. 

 



අදහස් (22)

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 21 දක්වා ඉහළට

kamalUNP Monday, 16 March 2020 09:17 AM

ඉතාලි වගේ නේද?

:       40       121

amal SLPSMonday, 16 March 2020 09:40 AM

මෙම වෛරසයට දේශපාලන බේදයක් නැහැ. ජීවිතයෙන් සමුගැනීමට ඇති ප්‍රවණතාවය ඉතා ඉහළවෙනවා. ඉක්මණින් පැතිර යන මාරාන්තික උවදුරකි..

:       46       23

පිටිගල මිලානෝ Monday, 16 March 2020 09:20 AM

ලංකාවට රෝගය පැතිරවීමේ වගකීම ඉතාලියෙන් පැන්න මෝඩයින් බාරගත යුතු අතර නිරෝධනයෙන් පසු මොවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න. මුඛවාඩම් නොදා ප්‍රසිද්ධියේ වැසිකිලි විවේචනය කල කෙනාද ඇතුළුව...

:       11       312

S.PMonday, 16 March 2020 10:02 AM

පිටිගල ඔය කියන්නේ ඇත්ත, ලංකාවේ මේ ගොල්ලෝ ගැන කියන කතාවක් මන් කියන්නම් " ඉතාලි යන්නේ හොරෙන් සල්ලි හොයන්න... මේ අයට අධ්‍යාපනයක් නෑ... මොවුන් කිසිම රස්සාවකටවත් සුදුසු නෑ... ආත්මාර්ථකාමීන් ඔන්න ඔයවගේ දේවල් කියනවා. කොහොම වුණත් ඔයා ඊට වඩා වෙනස්... දිගටම සටන් කරන්න අපිත් එකට ඉන්නවා ඔයත් එක්ක...

:       1       103

NIMMIMonday, 16 March 2020 03:46 PM

ඇත්තමයි මමත් ඔයාලගේ සටනට එකතු වෙනවා.

:       0       0

janis Monday, 16 March 2020 09:35 AM

සෞඛ්‍ය ඇමතිනි, නාඩගම් නටා... රටට ගොන්පාර්ට් පෙන්වද්දී මේවා ගැන හිතුවේ නැහැ. දැන් හොඳද? සතුටුද?

:       154       460

samirMonday, 16 March 2020 10:04 AM

ඉතාලියෙන් කොරෝන මෙහෙට ගෙනා මාෆියාලාගෙනුත් ඔය ප්‍රශ්නය අහන්න. මේක ජේ. ආර්. මහතා හිටියත් සිද්ධ වෙනවා.. අපේ මිනිස්සුන්ගේ නොහැදියාව නිසා. නැත්නම් දෙතුන් දෙනෙක්ගෙන් බේරගන්න තිබුණු දෙයක්...

:       287       51

ලේක්කෝ ගලබඩ Monday, 16 March 2020 11:18 AM

හැබැයි ලංකාවේ ඉන්න අයට වඩා නම් බුද්ධිමත්. අපි මෙහෙ (ඉතාලියේ) හොරුන්, මංකොල්ලකාරයන්, කුඩු කාරයන් පාර්ලිමේන්තු යවන්නේ නැහැ.

:       36       34

mihira Monday, 16 March 2020 09:42 AM

ඉතාලිවලින් අාපු අය තමයි ඕක කරේ... හොඳට තිබුණු රට...

:       43       140

සංජීව Monday, 16 March 2020 09:50 AM

මේ අය කවුද, කොහේද කියලා විස්තර ඉදිරිපත් කළොත් හොඳයි. අර අවුරුදු 13 ගැහැණු දරුවත් ඉතාලියේ ඉඳලා ආපු කෙනෙක්ද?

:       5       196

Rasika Monday, 16 March 2020 09:57 AM

මීටර 2ක් ඈතින් ඉන්න දැනුවත් කරන්න.

:       0       4

Akila Monday, 16 March 2020 10:04 AM

රජය මේකට වගකියන්න ඕනේ..., අප්පච්චිට ඕනේ වුනේ ඉතාලියේ ඉඳලා එන අයගේ ඡන්ද ටික විතරයි. පාර්ලිමේන්තුව වහලා එ්ක නිරෝධායන මධ්‍යස්ථානයක් විදිහට යොදාගන්න එකේ ඉඩ ඕනෑතරම් තියනවා..

:       70       384

NihalMonday, 16 March 2020 03:43 PM

සත්ත්ව අපද්‍රව්‍ය ඉවත් කරලා ගත්තම නිරෝධනයට කියාපු තැන

:       0       0

Anura Monday, 16 March 2020 10:17 AM

දැන් ඉතින් අාපහු මරබයෙන් ජීවත් වෙන්න ඕනේ... අසල්වැසි ඉන්දියාව ඔච්චර ලොකුරටක් වෙලත් ඔවුන්ගේ සුලුපිරිසයි ඉන්නේ... පාකිස්තානෙත් හොඳින් පාලනය කරගත්තා. අපේ රටේ විතරක් ලෙඩ්ඩු ටික ඔක්කොම රටට අරන් හතරවටේ බෝකරන්න ඉඩදුන්නා..

:       3       47

saman Monday, 16 March 2020 10:23 AM

ලංකාවට රෝගය පැතිරවීමේ වගකීම මෑතකදී ඉතාලියෙන් පැමිණි අය භාරගත යුතුයි. මේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ ලාංකිකයින් කොතරම් අාත්මාර්ථකාමි මිනිසුන් ජාතියක් විය හැකිද යන්නයි.

:       1       23

priyantha Monday, 16 March 2020 10:24 AM

කාලයකට ඉහත කරන්න තිබුණු වැඩක්. ඉතාම හොඳ දෙයක්...

:       3       13

ලේක්කෝ ගලබඩ Monday, 16 March 2020 10:55 AM

ඔන්න ඉතාලියට ගෙන්න ගන්න කියලා අපට කරදර කරන්න එපා මීට පස්සේ. අයිෆෝන්, අයිපැඩ් එහෙම ඉල්ලන්නේ නෑ හොඳේ...

:       1       43

Kalhara Monday, 16 March 2020 10:58 AM

අනුර ඔබ හරි... මන් ඉන්නේ ඉන්දියාවේ මෙහෙ නම් එතරම් ප්‍රශ්නයක් නැහැ...

:       0       1

Mf Monday, 16 March 2020 11:25 AM

දේශපාළුවන් මාස 3ක් බලාගෙන හිටියා මිසක්.. මෙම වයිරසය එන්න කලින් පෙර සූදානමක් තිබුණේ නෑ..

:       0       1

isurandi Monday, 16 March 2020 11:26 AM

කවුරුත් මේ ගැන වැඩි අවධානයක් ගත්තේ නැහැ. අනික මානුෂීය ඇසින් බලන්න ගියාමත් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. ඔක්කොම වුණාට පස්සේ අරයට, මෙයාට පාස් කරලා දැන් තේරුමක් නැහැ...

:       0       2

බද්රානි Monday, 16 March 2020 02:50 PM

මෙහි අදහස් පලකොට ඇති සියලු දෙනා සිංහලයින් විය යුතුයි. ජාතියේ, ජානමය තත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කොරෝනා මාතෘකාව හරිම වැදගත්. ලංකාවේ හිටියත් ලෝකේ කුමන රටක ජීවත් උනත්, ජානමය තත්වයේ කිසිදු වෙනසක් නැහැ. චීනය , කොරියාව හෝ ඉතාලිය ඇතුළු බොහෝ රටවල ජාතීන්, මේ වසංගතයෙන් තම රට ජාතිය මෙන්ම සියලුම මනුෂ්‍ය වර්ගයා මේ උවදුරින් මුදවා ගැනීමට උත්සහ දරන්නේ, එකට එකතුවී, සාමුහික ක්‍රියාකාරිත්වයකින් මිස එකිනෙකාට පරිභව කර ගැනීමෙන් නොවේ. චීනය හා කොරියාව තුලින් එහි ප්‍රතිපලය ප්‍රදර්ශනය වෙමින් තිබේ.

:       80       0

SameeraTuesday, 17 March 2020 06:31 AM

තනිකම් දෝෂයක් වත් තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 412 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site