(නිමල් ජයරත්න)
කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු පොළොන්නරුව වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය.
ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 22 ක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වෛද්‍ය සරත් ජයසිංහ මහතා මේ බව පැවසුවේ අද (22) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එහිදී වෛද්‍යවරයා මෙසේද පැවසීය.
‘‘පොළොන්නරුවේ නිවෙස් වල මේ වනවිට පුද්ගලයින් 388 ක් ස්වයං නිරෝධායනය වෙනවා.ඒ වගේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ 371 ක් ඉන්නවා.පොළොන්නරුවේ රෝහල් වල 22 ක් ප්‍රතිකාර ලබනවා.ඉන් සැකකටයුතු රෝගීන් 16 ක් ඉන්නවා.
වැලිකන්ද මූලික රෝහලේ කොරෝනා රෝගීන් 7 ට අමතරව සිටින 17 දෙනාට කොරෝනා නෑ කියලා අද වාර්තා වුණා.නිවෙස් වල ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අධීක්ෂණය කරනවා.‘‘යැයිද කී්‍ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිතයන් 7ක් වැලිකන්ද රෝහලේ