IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයන්ට ඇල්පිටිය රෝහලේත් විශේෂ වාට්ටුවක්

(ඩී.ජී.සුගතපාල)

කොරෝනා බවට සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා ඇල්පිටිය රෝහලේද විශේෂිත වාට්ටුවක් සුදානම් කරමින් පවතින බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
 

කොරෝනා වයිරසය වැළඳුන රෝගීන් ඇතුළත් කරගන්නා දකුණු පළාතේ  එකම රෝහල කරාපිටිය රෝහල වන අතර දැනට පවතින තත්වය අනුව ඉදිරියේදි රෝගින්ගේ වැඩිවීමක් සිදුවී කරාපිටිය රෝහලේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවුනහොත් ඒ සඳහා ඇල්පිටිය රෝහලේ වාට්ටුවක් සුදනම් කරමින් පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
 
එයට අමතරව බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේද ඉඩ කඩ ප්‍රමාණවත් නොවුණහොත් ඉදිරිදිනවල නිරෝධායනයට යොමු කරන පිරිස් සඳහා දඩල්ල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක්සූදානම් කරමින් පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
 
අද(21) උදෑසන වනවිට කරාපිටිය රෝහලේ සැක සහිත රෝගින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි අතර  බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින සංඛ්‍යාව 11 දෙනෙකි. එම 11දෙනා  දෙනා අතර විදේශිකයින් දෙදෙනෙක්ද රත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයකදි සොයා ගන්නා ලද කොරෝනා ආසාදිත ජපන් ජාතිකයාගේ 18 හැවිරිදි දියණියද වෙති.
 



අදහස් (0)

කොරෝනා ආසාදිතයන්ට ඇල්පිටිය රෝහලේත් විශේෂ වාට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site