IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනාට ලෝකය දැක්වූ ප්‍රතිචාරය ගැන ඕස්ට්‍රේලියාව ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි

කොරෝනා වයිරස’ වසංගතයට ලෝකය දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කරන්නැයි ඔස්ට්‍රේලියාව අද (19) ඉල්ලීමක් කළේය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝක ප්‍රජාව ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කළ යුතු යැයි ඔස්ට්‍රේලියාව අවධාරණය කළේය.

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඔස්ට්‍රේලියාව බලකර ඉල්ලා සිටින බව එරට විදේශ අමාත්‍ය මරීස් පෙයින් ප්‍රකාශ කළාය.

‘‘වයිරසය ව්‍යාප්ත වූ ආකාරය, ඊට ලෝකය දැක්වූ ප්‍රතිචාර, වයිරසය සම්බන්ධයෙන් තොරතුරු බෙදාහදාගත් ආකාරය යනාදිය ගැන සොයා බලන්න ඕනෑ’’ යැයි ඇය කීවාය. තොරතුරු හුවමාරු කරගත් ආකාරයේ විවෘත බව සම්බන්ධයෙන් විමසා බැලිය යුතු යැයි ද ඇය කීවාය.

ඔස්ට්‍රේලියාවේ ඒ.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමින් ඇය එම කරුණු සඳහන් කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදය ද කොරෝනා වයිරසය සම්බන්ධයෙන් චීනයට චෝදනා කළේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද චීනයට චෝදනා කරන අතර හෙතෙම ලෝක සෞඛ්‍ය සංවිධානයට ද චෝදනා එල්ල කළේය.

චීනයේ විනිවිදභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ද වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාව සහ චීනය අතර තිබෙන සබඳතා ඇතැම් විට වෙනස් විය හැකි යැයි ද ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරියා කීවාය.

වසංගතයේ ව්‍යාප්තය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ද පැවැසීය.

ඔස්ට්‍රේලියාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගත් නමුත් වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වී ඇත. අද උදෑසන වනවිට ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,600ක් ලෙස වාර්තා වූ අතර එරටින් වාර්තා වන මරණ ගණන 70කි. ඔස්ට්‍රේලියාව චීනයට සංචාරක තහනම පැනවූ මුල්ම රටවල් කිහිපය අතරින් එකකි.

‘‘ඔස්ට්‍රේලියාව සෑම අවස්ථාවකදීම ගෝලීය ප්‍රමිත තත්ත්ව අනුගමනය කළා. අපි ඒ දේ කළේ ඔස්ට්‍රේලියාවේ ඉන්න වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත’’ යැයි ග්‍රෙග් හන්ට් කීවේය.

‘‘අපි චීනයට සංචාරක තහනමක් පැනවූයේ පෙබරවාරි 1 වැනිදා. එතකොට අපට විවේචන එල්ල වුණා. ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතැම් නිලධාරීන්ගෙන් ද අපට චෝදනා එල්ල වුණා’’ යැයි හෙතෙම කීවේය.

‘‘අපි හොඳින් මෙය කළමනාකරණය කර ගත්තා. ඒ දේවල් කළේ අපේම තීරණ අනුවයි. අපි රටක් විදියට තීරණ ගත්තා’’ යැයි ඔහු කීය.
නව ආසාදිතයන් හමු වීමේ වේගය ක්‍රමයෙන් අඩු කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත. ඔස්ට්‍රේලියාව ‘‘කවය ස්ථාවර මට්ටමකට’’ එනම් නව ආසාදිතයන් හමුවීමේ වේගය අඛණ්ඩව දින ගණනාවක් මුළුල්ලේ අඩු කරගැනීමට සමත්ව ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

වයිරසය ව්‍යාප්ත වීම තවදුරටත් පාලනය කරගැනීම සඳහා දැනට පනවා ඇති එක්රැස් වීමේ සහ සංචාරක හා ගමන දැඩි සීමා ලබන මාසය දක්වා පවත්වා ගැනීමට ද ඔස්ට්‍රේලියානු බලධාරීහු තීරණය කර ඇත.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (1)

කොරෝනාට ලෝකය දැක්වූ ප්‍රතිචාරය ගැන ඕස්ට්‍රේලියාව ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි

Ruwan Sunday, 19 April 2020 09:11 AM

මේක ලියපු විදිය වැරදියි. ලෝකය දැක්වූ ප්‍රතිචාර නොව චීනයේ සිදුවීම මිස ගැන ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව ඔස්ටෙලියානු විදේශ කටයුතු ඇමතිනි මරීසේ කියා සිටියාය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31610 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14002 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11092 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site